කොරෝනා ගැන දැනුවත් කිරීමට ස්ටිකර් ඇලවීමේ වැඩසටහනක්

කොරෝනා පිළිබඳ ජනතාව තවදුරටත් දැනුවත් කිරීම සඳහා බස්රථවල සහ ත්‍රීරෝද රථවල ස්ටිකර් ඇලවීමේ වැඩසටහනක් වව්නියාව දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වුණා.

කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීම පිළිබඳ සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් අන්තර්ගතවයි මෙම ස්ටිකර් නිර්මාණය කර තිබෙන්නේ. සෑම බස් රථයකම සහ ත්‍රී රෝද රථයකම ඒවා ප්‍රදර්ශනය කෙරෙන අතර දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා ලබා දීමට ද පියවර ගැනුණා. වව්නියාව මාධ්‍යවේදීන්ගේ සංගමයයි එය සංවිධාන කළේ. වව්නියාව දිස්ත්‍රික් ලේකම් එස් එම් සමන් බන්දුලසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා.

 

 

 

The post කොරෝනා ගැන දැනුවත් කිරීමට ස්ටිකර් ඇලවීමේ වැඩසටහනක් appeared first on ITN News.