දින තුනකදී බ‍්‍රසිලයෙන් කොරෝනා ආසාධිතයන් ලක්ෂයක්

දින තුනක් ඇතුලත බ‍්‍රසීලයෙන් කොරෝනා ආසාධිතයන් එක්ලක්ෂ තුන්දහසකට වැඩි පිරිසක් තහවුරු කරගෙන තිබෙනවා.

ඒ අනුව එරටින් හදුනාගෙන ඇති ආසාධිතයන් ගණන 1,192,474ක් දක්වා ඉහල ගියා. මියගිය ගණන පනස් තුන් දහස් අටසිය හැත්තෑ හතරක්. පරික්ෂණ කටයුතු සහ රෝගී සත්කාරක සේවා පුළුල් කිරීමටයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙන්නේ. ඒ තත්වය පාලනය කිරීමේ අරමුණෙන්.

මේ අතර ඉන්දියාවේ මුම්බායි නුවරින් වාර්තා වූ ආසාධිතයන් අභිබවා දිල්ලියෙන් කොරෝනා ආසාධිතයන් හමුව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා. එක් දිනක් තුළ ආසාධිතයන් දස දහසකට වැඩි පිරිසක් තහවුරු කරගැනීම ඉතා ගැටලුකාරී තත්වයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඉක්වදෝරයේ රෝහල් ද කොරෝනා ආසාධිතයන්ගෙන් පිරීගොස් තිබෙනවා. ප‍්‍රතිකාර සදහා ඇතුලත් කළ හැකි සීමාව ඉක්මවා ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව පවතින තත්වය සැලකිල්ලට ගනිමින් කටයුතු කරන ලෙස එරට උප ජනාධිපතිවරයා පුද්ගලික රෝහල්වලට ද අනතුරු ඇඟවිමක් සිදුකර තිබෙනවා.

The post දින තුනකදී බ‍්‍රසිලයෙන් කොරෝනා ආසාධිතයන් ලක්ෂයක් appeared first on ITN News.