මෙම වසරේ බ්‍රිතාන්‍යයේ උෂ්ණාධිකම දිනය අද

මෙම වසරේ බ්‍රිතාන්‍යයේ උෂ්ණාධිකම දිනය අද බව වාර්තා වනවා.

සෙල්සියස් අංශක 32යි දශම 6 දක්වා උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බවයි කාලගුණ අංශ සඳහන් කරන්නේ. පසුගිය මාස 6 ක කාලය තුළ එරටින් වාර්තා වූ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 28 යි දශම 9 ක්. වෛරස අවදානම ද නොතකමින් බොහෝ පිරිසක් එළිමහනේ ගැවසෙන අයුරු එරට මාධ්‍ය වාර්තා කර සිටියා. මෙම අධික උෂ්ණත්වය හෙට දිනය දක්වා බලපාන අතර ඒ සම්බන්ධයෙන් ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.

 

 

 

 

 

The post මෙම වසරේ බ්‍රිතාන්‍යයේ උෂ්ණාධිකම දිනය අද appeared first on ITN News.