අකුණු සැරවැදීමෙන් ඉන්දියාවේ පුද්ගලයින් 83ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ පුද්ගලයින් 83 දෙනෙක් මියගොස් තිබෙනවා. ඒ ගතවූ පැය 24 දී අකුණු සැරවැදීම හේතුවෙන්.

මියගිය පුද්ගලයින් අතරින් වැඩි පිරිසක් වගා කටයුතුවල නිරතවෙමින් සිටි අය බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මියගිය පුද්ගලයෙකුට ඉන්දීය රුපියල් ලක්ෂ 4 බැගින් ලබාදීමට ප‍්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

The post අකුණු සැරවැදීමෙන් ඉන්දියාවේ පුද්ගලයින් 83ක් ජීවිතක්ෂයට appeared first on ITN News.