කැටවලපිටියේ සම්පත් පොලිස් වෙඩි පහරින් මරුට

ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයකු වන කැටවලපිටියේ සම්පත් නැමැත්තා පොලිස් වෙඩි පහරින් මරුණුවට පත් වුණා.

ගණේමුල්ල සංජීව නැමැති පාතාල කල්ලි සාමාජිකයන්ගේ වෙඩික්කරු ලෙස සැලකෙන රන්කොත්පේලිගේ සංජීව සම්පත් හෙවත් කැටවල සම්පත් ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේදී මෙසේ පොලිස් වෙඩි පහරට ලක් වුණා.

මිරිස් වත්ත ප්‍රදේශයේ යොදවා තිබූ මාර්ග බාධකයේදී අණ නොතකා යතුරුපැදියක් ධාවනය කළ සැකකරු මාර්ගය අසල කැලෑවට පලාගොස් තිබෙනවා.අනතුරුව ඔහු පොලීසියට වෙඩි ප්‍රහාර එල්ල කළ බවත් පොලිස් ප්‍රති ප්‍රහාරවලදී කැටවල සම්පත් මිය ගිය බවත් පොලීසිය පවසනවා.

ඔහු සන්තකයේ තිබූ රිවෝල්වරයක් සහ රුපියල් 48000 ක මුදලක් පොලිස් භාරයට ගැනුණා.

 

 

 

 

 

The post කැටවලපිටියේ සම්පත් පොලිස් වෙඩි පහරින් මරුට appeared first on ITN News.