ඡන්ද විමසීමේ කාලය දීර්ඝ කිරීම ගැන අවසන් තීරණයක් නොගත් බව කොමිසම කියයි

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම් කාලසීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි මැතිවරණ කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා.

මැතිවරණ කොමිසම ඊයේ (25) දහවල් රැස්වී මේ පිළිබදව සාකච්ඡා කර තිබෙනවා. එහෙත් එහිදී අවසන් තීරණයක් නොගත් බව කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා සඳහන් කළා.

ඉදිරි දිනයකදී කොමිසම නැවත රැස්වී කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි සභාපතිවරයා පවසන්නේ.

මේ අතර නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රනය අවසන් අදියරයේ පවතින බවයි රජයේ මුද්‍රණාලය සඳහන් කළේ.

The post ඡන්ද විමසීමේ කාලය දීර්ඝ කිරීම ගැන අවසන් තීරණයක් නොගත් බව කොමිසම කියයි appeared first on ITN News.