ජැක් මා අබිභවා පෝනි මා චීනයේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග ලොවපුරා පාරිභෝගික හැසිරීම්වල වෙනසක් සිදුව තිබෙනවා. එමෙන්ම  වැඩබිම් ඩිජිටල්කරනයට යොමුවීමත් සමග බොහෝ අන්තර්ජාල සමාගම්වල කොටස් මිල ඉහළ ගියා.

මෙම තත්ත්වය හමුවේ දැවැන්තම අන්තර්ජාල සේවා සමාගමක් වූ අලිබාබා සමූහ ව්‍යාපාරය ද අබිභවා යාමට චීනයේ ටෙන්සන්ට් හෝල්ඩින්ග්ස් සමාගම සමත්ව තිබෙනවා.

එම තත්ත්වය මත ධනවත්ම පුද්ගලයින් අතර පළමු තැන රැදුනු අලිබාබා සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ජැක්මා ගේ ඇමෙරිකා ඩොලර් බිලියන 48 ක වත්කම අබිභවා යමින් චීනයේ ධනවත්ම පුද්ගලයා බවට පත්වීමට ටෙන්සන්ට් හෝල්ඩින්ග්ස් සමාගමේ ප්‍රධානී පෝනිමා සමත්වුණා.

ජැක්මා ලොව ධනවතුන් අතර 17 වන ස්ථානයේ පසුවන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

 

 

 

 

The post ජැක් මා අබිභවා පෝනි මා චීනයේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි appeared first on ITN News.