ඥානසාර හිමිට ලබා දුන් ජනපති පොදු සමාවට එරෙහි පෙත්සම් සලකා බැලීම කල්යයි

මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (26) සිදුකෙරුණා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිර දඩුවම් ලැබූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ පොදු සමාව යටතේ නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සළකා බැලීම ලබන ඔක්තෝබර් 19 වනදා දක්වා කල්තැබුණා. ශ්‍රේෂ්ඨාධිකරණයයි මෙම තීන්දුව ලබාදුන්නේ.

ඥානසාර ස්වාමීන් වහන්සේට සිර දඩුවම් ලබාදුන් විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මෙම පෙත්සම් විභාගයට ද පෙනීසිටින බැවින් වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එය කැදවීමටයි නියම වුණේ. සන්ධ්‍යා එක්නැලිගොඩ හා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයයි මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර ඇත්තේ.

 

 

The post ඥානසාර හිමිට ලබා දුන් ජනපති පොදු සමාවට එරෙහි පෙත්සම් සලකා බැලීම කල්යයි appeared first on ITN News.