තවත් ශ්‍රී‍්‍ර ලාංකිකයන් 420 දෙනෙක් දිවයිනට

ශ්‍රී‍්‍ර ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී‍්‍ර ලාංකිකයන් 420 දෙනෙකු පුසගිය පැය කිහිපයේ දිවයිනට පැමිණියා.

ඒ ලෙබනනයේ, ඉන්දියාවේ සහ නවසීලන්තයේ සිට. ලෙබනනයේ රැඳසිටි 171 දෙනෙකු රැගත් ශ්‍රී‍්‍ර ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානය අද (26) අලුයම 5.41 ට කටුනායක ගුවන් තොටුපොළට ළඟාවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම මඟීන් පිරිස ගුවන් තොටුපොළේදී පී සී ආර් පරික්ෂණ සඳහා යොමු කෙරුණා. නවසීලන්තයේ රැඳීසිටි ශ්‍රී‍්‍ර ලාංකිකයන් 88 දෙනෙකු රැගත් සිල්ක් එයාර් ගුවන් සේවයේ විශේෂ යානය ඊයේ (25) රාතී‍්‍රයේ කටුනායකට ළඟාවුණා. එම පිරිස ද පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි ගුවන් තොටුපොළ බලධාරීන් කටයුතු කළේ.

ඊට අමතරව කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාවේ රැඳීසිටි තවත් ශ්‍රී‍්‍ර ලාංකිකයින් 161 දෙනෙකු ශ්‍රී‍්‍ර ලන්කන් ගුවන් සමාගමේ විශේෂ යානයකින් මත්තල ගුවන් තොටුපොළට පැමිණ තිබෙනවා. ඔවුන් ද සෞඛ්‍ය පරික්ෂණ සඳහා යොමු කෙරුණා.

The post තවත් ශ්‍රී‍්‍ර ලාංකිකයන් 420 දෙනෙක් දිවයිනට appeared first on ITN News.