දිස්ති‍්‍රක්ක 13කට ගිගුරුම් සහිත වැසි

දිස්ති‍්‍රක්ක 13 ක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

ඇතැම් ස්ථාන වලට මිලිමීටර 50 කට වැඩි තරමක තද වර්ෂාපතනයක් ඇති වන බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති වන බව උදේනි වීරසිංහ මහත්මිය ප‍්‍රකාශ කළා.

මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැයට කිලෝමීටර 50 ක් දක්වා ඉහළ යාහැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

The post දිස්ති‍්‍රක්ක 13කට ගිගුරුම් සහිත වැසි appeared first on ITN News.