පොලොන්නරුවේ එජාප ක්‍රියාකාරීන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වෙයි

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රබල එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්වුණා.

ග්‍රාමීය ක්‍රියාකාරී දේශපාලනයේ නියුතු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙසේ එක්සත් ජාතික පක්ෂයෙන් හා සමගි ජනබලවේගයන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වුණා.

ඔවුන් හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා හමුවේ කියා සිටියේ ජනාධිපතිතුමාට ශක්තියක් වෙමින් නව ආණ්ඩුවක් බිහිකිරීමට තම සහාය උපරිමයෙන් ලබා දෙන බවයි.

 

 

The post පොලොන්නරුවේ එජාප ක්‍රියාකාරීන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වෙයි appeared first on ITN News.