මෙරට මුහුදු සීමා උල්ලංඝණය වහා නතර කල යුතුයි

(කොළඹ, ලංකාපුවත්) – දිනෙන් දින ඉහල යන ඉන්දීය ධීවරයන්ගේ මෙරට මුහදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කර්මාන්තයේ යෙදීම වහාම නතර කල යුතුයැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ඉන්දියාවේ මෙරට මහ කොමසාරිස් වරයාගෙන් ඉල්ලා සිටියි.

අමාත්‍යවරයා තානාපතිවරයාට කියා සිටියේ ටෝලර් යාත්‍රා යොදා ගනිමින් උතුරු මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදිම නිසා මෙරට ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර කාර්මිකයන්ට දැඩි බලපෑමක් හා තර්ජන එල්ල වි ඇති බවත්, මෙම තත්වය දිගින් දිගටම පැවතීම හේතුවෙන් මා ධීවර අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ඉන්දියාවේ සිදු කල සංචාරයේදි මේ පිළිබදව විශේෂ වැඩ පිළිවෙලක් සකස් කර ඉන්දීය රජයේ අග්‍රාමාත්‍යතුමා ඇතුලු නිලධාරි මණ්ඩලයක් සමග සාකච්ඡා කල අතර එයට ඉතා හොද ප්‍රතිචාරයක් ලැබුණ නමුත් ලෝකයේ සීග්‍රයෙන් ව්‍යාප්ත වි ගිය කොරෝනා තත්වය හමුවේ එම වැඩ පිළිවෙල ක්‍රියාවට නැංවීමට නොහැකි තත්වයකට පත් වී ඇති බවද පැවසීය.

මේ පිළිබදව සොයාබලා දෙරටේ මිතුදම වඩාත් තහවුරු වන ආකාරයට මෙම ගැටලුවට සාධනිය විසදුමක් ලබා ගැනීමට මෙරට තානාපතිවරයා ලෙස දායකත්වය ලබා දෙන ලෙසද ඉල්ලා සිටියහ.