යුරෝපයේ යළි නව්‍ය කොරෝනා වයිරසය පැතිරයාමේ අවදානමක්

යුරෝපා කලාපයේ නව්‍ය කොරෝනා වයිරසය නැවත නැඟීසිටීමේ අවදානමක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් කළා.

සීමාවන් ලිහිල් කිරීමෙන් පසු යුරෝපයේ කොවිඩ් නයිටීන් රෝගීන් සතිපතා ඉහළ ගොස් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන්නේ.

ආමේනියාව, ස්විඩනය, මෝල්ඩෝව සහ මැසිඩෝනියාව ඇතුලු රටවල් 11 ක කොවිඩ් නයිටීන් වයිරසය යළි සීඝ‍්‍ර ලෙස පැතිර ගොස් තිබෙනවා. පාලනයකින් තොරව තබාගතහොත් එය අවදානම් මට්ටමක ළඟාවිය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රාදේශීය අධ්‍යක්ෂ ආචාර්ය හාන්ස් භෙන්රි සඳහන් කළේ.

The post යුරෝපයේ යළි නව්‍ය කොරෝනා වයිරසය පැතිරයාමේ අවදානමක් appeared first on ITN News.