හෙරොයින් සමඟ කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 28 ක් සමග සැකකරුවෙකු හා සැකකාරියක පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොරගහහේන,  ගෝනපොල හංදිය ප්‍රදේශයේ දී මෙම සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 28 මිලිග්‍රෑම් 662 ක් සමගයි.

දෙහිවල පොලිසියේ නිලධාරීන් සිදුකළ වැටලීමක දී අත්අඩංගුවට ගත් මෙම සැකකරු හා සැකකාරිය මතුගම හා පරදූවගල්පාත ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

 

 

 

 

The post හෙරොයින් සමඟ කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.