bookmark_borderජනපතිට භාරදුන් MCC සමාලෝචන අවසන් වාර්තාව ජනතාව හමුවට

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC) සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව අද (25) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙනු ලැබිණ. කමිටු වාර්තාව අනතුරුව ජනතා අවධානයට යොමු කෙරේ.

The post ජනපතිට භාරදුන් MCC සමාලෝචන අවසන් වාර්තාව ජනතාව හමුවට appeared first on ITN News.

bookmark_borderරුසියා ව්‍යවස්ථා සංශෝධනයක් වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීම අද

රුසියා ව්‍යවස්ථා සංශෝධනයක් වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීම අද පැවැත්වුණා.

මැතිවරණය එළඹෙන 1 වනදා පැවැත්වීමට නියමිතව තිබුණ ද වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අද දින පැවැත්වූ බවයි බලධාරීන් පවසන්නේ. ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට 2036 දක්වා බලයේ රැදී සිටීමට අවස්ථාව උදාවනවා.

The post රුසියා ව්‍යවස්ථා සංශෝධනයක් වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීම අද appeared first on ITN News.

bookmark_borderමගී ගුවන් යානාවක් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවක් බවට පත් කෙරේ

අපනයන කර්මාන්තවලට සහාය වෙමින් මගී ගුවන් යානාවක් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවක් බවට පත් කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කටයුතු කර තිබෙනවා.

එයාර් බස් ඒ 330 වර්ගයේ ගුවන් යානයකුයි මෙලෙස ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගැනෙන්නේ. ඈත පෙරදිග හා යුරෝපයේ ප්‍රධාන ගමනාන්ත වෙත එම ගුවන් යානය අද සිට ක්‍රියාත්මක වනවා. වර්තමාන ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ආදායම් ශක්තිමත් කර ගැනීමට මෙමගින් ඉඩ ලැබෙන බවයි එම සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා සඳහන් කරන්නේ.

ගුවන් යානය භාණ්ඩ හුවමාරු පද්ධතියක් ලෙස සකස් කිරීමට ශ්‍රී ලන්කන් ඉංජිනේරු කණ්ඩායම කෙටි කලක් තුළදී කටයුතු කළා. ගුවන් යානයේ මුළු ධාරිතාව මෙට්‍රික්ටොන් 45 ක්. යුරෝපය, මැදපෙරදිග, ඕස්ට්‍රේලියාව ඇතුලු ගමනාන්ත 20 කට ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට මෙමගින් ඉඩ සැලසෙනවා.

 

 

 

The post මගී ගුවන් යානාවක් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවක් බවට පත් කෙරේ appeared first on ITN News.

bookmark_borderහිස්බුල්ලා නැගෙනහිරට ආයුධ බෙදූ හැටි හෙළිවෙයි

නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ එම් එල් ඒ එම් හිස්බුල්ලා විසින් 1993 වසරේ දි එම පළාතේ ජනතාවට ප්‍රසිද්ධියේ අවි ආයුධ බෙදා දුන් බව මාධ්‍යවේදී ක්‍රිස්ටෝපර් කමලේන්ද්‍රන් මහතා සඳහන් කරනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාව හමුවේ ඊයේ දිනයේ සාක්ෂි ලබා දෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

කොමිසම හමුවේ  සාක්ෂි ලබා දීම ආරම්භ කරමින්  මාධ්‍යවේදී  කමලේන්ද්‍රන් සඳහන් කළේ 2009 වසරේ ජූලි මාසයේ දී බේරුවල එක්තරා මුස්ලිම් පල්ලි දෙකක් අතර ඇතිවු ගැටුමකින් පසුව තමන් කාත්තන්කුඩි ප්‍රදේශයට ගිය බවයි. එහිදී සහරාන්ගේ කණ්ඩායම සහ  සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් අතර විවිධ අවස්ථාවලදී ඇතිවූ ගැටුම් පිළිබඳව තමා එහිදී දැනගත් බව කොමිසම හමුවේ ඔහු සඳහන් කළා.

එමෙන්ම කාත්තන්කුඩි ප්‍රදේශයේ දී සහරාන්ව හමුවූ බවද ඔහු මෙහිදී කියා සිටියා. එම හමුව ඔහුගේ කාර්යාලයක් තුළ සිදුවූ බවත් හමුව සිදුවන අවස්ථාවේ ඔහු සතුව ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් තිබූ බවත් සාක්ෂිකරු කොමිසමට කියා සිටියා. ආදාළ ගිනි අවි පිළිබදව තමන් වෙනත් පුද්ගලයෙකුගෙන් විමසූ බවත් එහිදී ඔහු සඳහන් කර සිටියේ එම ගිනි අවි හිස්බුල්ලා විසින් බෙදා දුන් ඒවා විය හැකි බවත් යන්නයි.

එම ආයුධ බෙදා දීම සිදුවූයේ කුමන කාල වකවානුවකදැයි යන්න කොමිසම මෙහිදී විමසා සිටියා. ඊට පිළිතුරු ලබා දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ 1993 වසරේ කාත්නන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට එල්ලවූ එල්ටීටීඊ ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් ජනතාවට හිස්බුල්ලා හරහා මෙම ගිනි අවි බෙදා දී ඇති බව අනාවරණය වී ඇති බවයි. එමෙන්ම 2009 වසර වන විට සහරාන් සහ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයින් විසින් කාත්තන්කුඩි ප්‍රදේශයේ පිහිටි සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ගේ නිවාස 100කට වැඩි ප්‍රමාණයක් විනාශ කර තිබූ බවත්  ඔහු කොමිසම හමුවේ කියා සිටියා.

 

The post හිස්බුල්ලා නැගෙනහිරට ආයුධ බෙදූ හැටි හෙළිවෙයි appeared first on ITN News.

bookmark_borderබීඩියට ගෙනා කොළ කන්ටේනර් දෙකක් අත්අඩංගුවේ

ශ්‍රී ලංකා රේගුවේ වරාය පාලන අංශය මගින් ඉන්දියාවේ සිට ආනයනය කළ බීඩි ඔතන කොළ කන්ටේනර් 2 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක අපනයන සැලසුම් කලාපයේ ලියාපදිංචි කර්මාන්ත ශාලාවකට අවශ්‍ය අමුද්‍රව්‍ය බව අගවමින් මෙම කන්ටේනර් දෙක රැගෙන විත් තිබෙනවා. ඒවා පරික්‍ෂා කිරීමේදී බීඩි ඔතන කොළ කිලෝග්‍රෑම් විසිහතර දහසක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි රේගුව සදහන් කළේ. එම බීඩිකොළවල වටිනාකම රුපියල් මිලියන 122ක්. රුපියල් මිලියන 100 කට වැඩි බදු මුදලක් මෙම අත්අඩංගුවට ගැනීම මගින් රජයට ආරක්‍ෂා කර දීමට හැකි වූ බව රේගු බලධාරීන් පවසනවා. සිද්ධියට අදාළව එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු පුද්ගලයන් සොයා වැඩිදුර පරික්‍ෂණ ක්‍රියාත්මකයි.

 

 

 

 

 

The post බීඩියට ගෙනා කොළ කන්ටේනර් දෙකක් අත්අඩංගුවේ appeared first on ITN News.

bookmark_borderකරන්නාගොඩට එරෙහි නඩු විභාගය අත්හිටුවන්නැයි අතුරු තහනම් නියෝගයක්

කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

වසන්ත කරන්නාගොඩ මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ එච් එම් ඩී නවාස් හා සෝභිත රාජකරුණා යන මහත්වරුන් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා. මෙම අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාග කර අවසන් තීන්දුවක් ලබා දෙන තුරු බල පැවැත්වෙනවා.

පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ලබන මස 22 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අධිකරණය නීතිපතිවරයාට නියෝග කළා. කිසිදු සාක්‍ෂියක් නොමැතිව සිය සේවාදායකයා නඩුවේ විත්තිකරුවෙකු ලෙස නම් කිරීමට නීතිපතිවරයා ගත් තීරණය නීතියට පටහැනි බව පෙත්සම්කාර කරන්නාගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සදහන් කළා.

The post කරන්නාගොඩට එරෙහි නඩු විභාගය අත්හිටුවන්නැයි අතුරු තහනම් නියෝගයක් appeared first on ITN News.

bookmark_borderමැලේසියාවෙන් පැමිණි තැපැල් භාණ්ඩ 26000ක් බෙදා හැර අවසන්

ලිපින මැකීයාම හේතුවෙන් බෙදා හැරීමට නොහැකිව තිබූ මැලේසියාවෙන් පැමිණි තැපැල් භාණ්ඩ හතළිස් පන්දහසෙන් විසි හයදහසක් මේ වන විට බෙදා හැර අවසන් කර තිබෙනවා.

ඉතිරි දහනව දහසක ප්‍රමාණය මැලේසියා තැපැල් අංශයේ සහාය ඇතිව කඩිනමින් බෙදා හැරීමට කටයුතු කරන බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ.

 

 

The post මැලේසියාවෙන් පැමිණි තැපැල් භාණ්ඩ 26000ක් බෙදා හැර අවසන් appeared first on ITN News.

bookmark_borderපොදුජන පෙරමුණ තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගන්නවා

මෙවර මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුනෙන් දෙකක බහුතර  බලයක් ලබා ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

 

The post පොදුජන පෙරමුණ තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගන්නවා appeared first on ITN News.

bookmark_borderඇල්පිටිය බදුගොඩවත්ත ප්‍රදේශයේ ඉඩමක නිධන් හෑරූ පුද්ගලයකු අත්අඩංගුවට

ඇල්පිටිය බදුගොඩවත්ත ප්‍රදේශයේ ඉඩමක නිධන් හෑරූ පුද්ගලයකු පොලීසිය අත්අඩංගුවට ගත්තා. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නියෝග කෙරුණේ.

නිධන් හෑරීම සඳහා යොදාගත් උපකරණ කිහිපයක්ද පොලීසිය සොයා ගත්තා. පොලීසිය එම ස්ථානය වටලන අවස්ථාවේ කැනීම් කරමින් සිටි පිරිසක් පලා ගොස් තිබෙවා. කෙසේ වෙතත් ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදු කළා. නිධන් හැරීම සඳහා ප්‍රධාන වශයෙන්ම මැදිහත් වූ පුද්ගලයා යුධ හමුදා යුද හමුදාවට අනුයුක්තව සේවය කළ පුද්ගලයකු බවයි හෙලි වී තිබෙන්නේ.

 

 

 

The post ඇල්පිටිය බදුගොඩවත්ත ප්‍රදේශයේ ඉඩමක නිධන් හෑරූ පුද්ගලයකු අත්අඩංගුවට appeared first on ITN News.

bookmark_borderසාෆිට එරෙහි නඩුව විභාගයට ගැනේ

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටියදී මව්වරුන් වඳ භාවයට පත් කිරීම සහ අයතා ලෙස මුදල් ඉපැයීම  සම්බන්ධයෙන් වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ට එරෙහිව ගොණුකළ නඩුව කුරුනෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අද  විභාගයට ගැනුණා.

පසුගිය පාලන සමයේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම නඩුවේ සාක්ෂී වසන් කර තිබූ බවයි මෙහිදී අනාවරණය වූයේ. වර්ථමානයේ මෙම නඩුව සම්බන්ධයෙන් විමර්ශන කරන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට අද සාක්ෂි ඉදිරිපත් කළා. මව්වරුන් වෙනුවෙන් නීතිඥවරුන් පිරිසක් ඉදිරිපත් ව සිටියා.නඩුව අගෝස්තු 26 වනදා යළි විභාගයට ගැනීමට නියමිතයි.

 

 

 

The post සාෆිට එරෙහි නඩුව විභාගයට ගැනේ appeared first on ITN News.