bookmark_borderවිල්පත්තු මහ වන මැදින් මන්නාරමට | Puttalam to Mannar Through Wilpattu

මැයි 3, 2019 10:21
නලින් දිල්රුක්ෂ
කොළඹ සිට පුත්තලම, එළුවන්කුළම, විල්පත්තු වනාන්තරය හරහා මන්නාරම මාර්ගය යනු මන්නාරමට යා හැකි කෙටිම මාර්ගයයි. අද වෙනත් පසින් කාපට් මාර්ග ඔස්සේ මන්නාරමට ළගාවෙන්නට පහසුකම් තිබුණද එදා ප්‍රධාන මාර්ගය ලෙස භාවිත වූයේ මෙම විල්පත්තු හරහා ඇති මාර්යය යි.
මේ මාර්ගයේ ගමන අතිශය සුන්දර ය. එහෙත් දුෂ්කර ය.
පසුගිය දා අපි මේ මග ඔස්සේ මන්නාරමට ගියෙමු. කොළඹ සිට යාමේදි පුත්තලම ඔස්සේ එළුවන්කුළම පසු කරන තුරුම මාර්ගය සුපිරි ය. කාපට් ඇතිරූ මගකි ඇත්තේ. එසේ යන ඔබට එළුවන්කුළම අවසන්ව විල්පත්තු මහ වනයට ඇතුළුවන තැනින් මේ කාපට් මග අවසන් ය. එතැන නාවුක මුරපොළකි. පරික්ෂාකිරීම් ආදිය එතැනදී සිදුවෙයි. එසේම වන ජීවි කාර්යාලයක්ද එහි වෙයි.
නාවුක මුරපොළ පසුකරත්ම ඇත්තේ අමුතුම පරිසරයකි. සුන්දර කලා ඔය හරහා පටු කෝසුවක් ඔස්සේ අපට ඔය තරණය කරන්නට සිදුවෙයි. එය අපුරු අද්දැකීමකි. ඉන් පසු අපේ සම්පූර්ණ ගමන වැටී ඇත්තේ විල්පත්තු මහ වන මැදින් දිවෙන පටු ගුරුපාරකි. ගමන අසීරුය, වල ගොඩැලි මඩ ගොහොරු අපමණ ය.
මග කොතරම් අසීරුවුවත් අදටත් මේ මග ඔස්සේ මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මකය. මන්නාරම කල්පිටිය, මන්නාරම පුත්තලම ආදි මගි ප්‍රවාහණ සේවා මේ මග ඔස්සේ සිදුවෙයි. අපේ ගමන පුරාවට අපට ලංගම හා පුද්ගලික බස් සේවා හතරක් දැක ගත හැකි විය. ඉද හිට මෝටර් සයිකලයක් කැබ් රථයක් ධාවනය වෙයි.
අලි දිවි ගහනයෙන් බහුල මේ මගේ ගමන අපූරුම ආශ්වාදයක් ගෙන දෙයි.
එළුවන්කුලම සිට නැවත අපට කාපට් මගක් හමුවෙන්නේ මරිච්චිකට්ටු නම් ප්‍රදේශයේ දී යි. ඒ අතර දුර කිලෝ මීටර් 38ක් පමණ වෙයි. මේ දුර ප්‍රමාණය අතර අපට හමුවෙන්නේ නාවුක මුර පොළවල් කීපයක් පමණි. 
ඒ මහ වනයේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිකෙරුණු මුරපොළවල් ය. ඓතිහාසික කුදිරමලේ තුඩුවට යන මග වැටී ඇත්තේද මේ මග ඔස්සේ ගමන් කරද්දී ය. දුර ප්‍රමාණය කෙට් වුවද මේ දුර යන්නට බොහෝ කාලයක් වැය කරන්නට සිදුවෙන්නේ මගේ ඇති වලගොඩැලි හේතුව නිසා ය.
වනජීවි දෙපාර්ථමේන්තුවෙන් පාලනය වන බිම් කඩක් වුව මේ මගේ යන්නට අපට මුදල් ගෙවෙන්නට සිදුවෙන්නෙ නැත. (අඹේවෙල ඔහිය මාර්ගයේ ගමන් ගත හොත් අපට මුදල් ගෙවන්නට සිදුවෙයි.)
මරිච්චිකට්ටුවෙන් පසු මාර්ගය නැවතත් සුපිරි ය. සිලාවතුර හරහා එම මග ඔස්සේ ඉතා කෙටි කාලයකින් ඉන් පසු අපට මන්නාරමට ළගා විය හැකි ය.
වෙනසක් බලාපොරොත්තුව සංචාරයේ යෙදෙන ඔබට ඒ වෙනස්ම අද්දැකීම ගන්න කදිම මගකි මේ විල්පත්තු මාර්ගය. ගමනේ තරම දැක ගන්නට වීඩියෝව බලන්න. 
 
 









bookmark_borderවසරකට වරක් දොර ඇරෙන කච්චතිව් | St. Antony’s feast katchatheevu – 2019

මාර් 27, 2019 13:38
නලින් දිල්රුක්ෂ

අපේ රටට අයත් දුරින්ම පිහිටි දූපත තමා කච්චතිව්. කන්කසන්තුර වරායේ සිට කිලෝමීටර් 90ක් දුරින් මේ දූපත පිහිටලා තිබෙන්නේ. ජන ශූන්‍ය දූපතක්ව පවතින මෙයට ජනතාවට යන්න අවසර ලැබෙන්නේ වසරකට එක් වරක් පමණයි. ඒ අවස්ථාව උදාවන්නේ දූපතේ පිහිටුවා ඇති ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය අවස්ථාවට එක් වෙන්නයි. ශ්‍රී ලංකා නාවුක හමුදාවේ පුර්ණ දායකත්වය එක්ක සංවිධානය වන මේ මංගල්‍යයට ඉන්දියාවේ මෙන්ම මෙරට බැතිමතුන් විශාල පිරිසක් මේ දිනයට දූපතට එක් වෙනවා. මේ වසරේ කච්චතිව් මංගල්‍ය පසුගිය දා පැවැත් වුණා. එයට මෙරට හා ඉන්දීය බැතිමත්හු 8500ක් පමණ එක්ව සිටියහ. පැමිණෙන සෑම බැතිමතෙක් වෙනුවෙන්ම නාවුක හමුදාව ආහාර පානාදිය ලබා දෙනවා. මේ වෙනුවෙන් නාවික හමුදාව මාස කීපයක් තිස්සේ එම දුපතේමෙහෙයුම් කරටයුතු සිදුකරනවා. සංචාරයට ලැදි ඔබටත් කච්චතිව් දූපත යනු අපුරුම අද්දැකීමකි. එය විඳගන්න නම් යළිත් ලබන වසරේ දේව මෙහෙය වෙන තුරු සිටින්නට වෙනවා.

අපේ රටට අයත් දුරින්ම පිහිටි දූපත තමා කච්චතිව්. කන්කසන්තුර වරායේ සිට කිලෝමීටර් 90ක් දුරින් මේ දූපත පිහිටලා තිබෙන්නේ. ජන ශූන්‍ය දූපතක්ව පවතින මෙයට ජනතාවට යන්න අවසර ලැබෙන්නේ වසරකට එක් වරක් පමණයි.
ඒ අවස්ථාව උදාවන්නේ දූපතේ පිහිටුවා ඇති ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය අවස්ථාවට එක් වෙන්නයි. ශ්‍රී ලංකා නාවුක හමුදාවේ පුර්ණ දායකත්වය එක්ක සංවිධානය වන මේ මංගල්‍යයට ඉන්දියාවේ මෙන්ම මෙරට බැතිමතුන් විශාල පිරිසක් මේ දිනයට දූපතට එක් වෙනවා. 
 
මේ වසරේ කච්චතිව් මංගල්‍ය පසුගිය දා පැවැත් වුණා. එයට මෙරට හා ඉන්දීය බැතිමත්හු 8500ක් පමණ එක්ව සිටියහ. පැමිණෙන සෑම බැතිමතෙක් වෙනුවෙන්ම නාවුක හමුදාව ආහාර පානාදිය ලබා දෙනවා. මේ වෙනුවෙන් නාවික හමුදාව මාස කීපයක් තිස්සේ එම දුපතේමෙහෙයුම් කරටයුතු සිදුකරනවා.
 
සංචාරයට ලැදි ඔබටත් කච්චතිව් දූපත යනු අපුරුම අද්දැකීමකි. එය විඳගන්න නම් යළිත් ලබන වසරේ දේව මෙහෙය වෙන තුරු සිටින්නට වෙනවා.
 
 
 









bookmark_borderනිදහස් දා අලගල්ල කන්ද මුදුණට

මාර් 13, 2019 11:05
නලින් දිල්රුක්ෂ
ඔබ දිනක උඩරට දුම්රිය මග ඔස්සේ නුවර ගොස් ඇත්නම් රඹුක්කන දුම්රිය ස්ථානය පසුකරයත් ඔබේ වම් පසින් අලංකාර කඳු වැටියක් දිස්වෙයි . දුම්රිය මග අහුරා යෝධයෙකු සේ නැගී සිටින මේ මනරම් කන්ද අලගල්ල කන්ද සේ හදුන්වයි . අලට කන්න බැරි අලගල්ලේ කන්ද සේ එදා ජන කවියාගේ ඇසට ලක් වූයේ ද මේ කන්ද යි . 
එදා නුවර ගිය යකඩ යකා නුවරට ඇදුණේ මේ අලගල්ල කන්ද පාමුලින් පටන් ගෙන හිමිහිට කන්ද හරහා යමින් කඩුගන්නාවට සේන්දු වෙමිනි . අලගල්ල කන්ද මුදුන් දෙකකින් සමන්විත අතර එකක් අලගල්ල සිංහ ගල මුදුණ ලෙසද අනෙක් මුදුණ පූජා ගල ලෙසද අද ව්‍යවහාරයට ගැනේ . 
 
මෙහි උසම මුදුනත මුහුදු මට්ටමේ සිට මිටර් 1140 ක් වන බව පැවසේ . අලගල්ල ගැන පුරා වෘත්තයක් ද වෙයි . සුදු පාලන සමයක් පසු කර අපට නිදහස ලැබෙන පුවතක් කන්ද උඩරට රැව් දෙන්නට විය . මෙය උඩරට ගැමියාට අමුතු අද්දැකීමක් ම විය . නිදහස ලැබෙන දින දා කොළඹ මොනවද වෙන්නේ දැකගන්නට එදා ගැමියෝ මේ කන්ද මුදුනට එක්රොක් වූහ . දවසම එහි ගතකර හවස් යාමයේ කන්ද බසින ගැමියන්ගෙන් තොරතුරු ගන්නට බොහෝ පිරිස් එක් වූහ . 
දුටු යමක් නොවුවත් කන්ද මුදුනක සිට හාත්පස දැකීමේ චිත්තප්‍රීතියෙන් සිටි කන්ද තරණය කර ගැමියන් කිව්වේ ඒක දැකගන්න නං කන්දටම නගින්න ඕනෑ බවයි . 
එදා සිට සෑම නිදහස් දවසකම නුවර අවට බොහෝ පිරිස් මෙන්ම කඳු නගින්නෝ ද විනෝදය තකා මේ කන්ද තරණය චාරිත්‍රයක් සේ කරති . එය මහත් විනෝද ජනක ක්‍රියාවකි . ආධුනික කඳු නගින්නන්ට අත් පොත් තැබීමට ද හොද ස්ථානයකි . 
 
මේ කන්ද තරණය කරන්නට ඇති පහසුම මග වන්නේ දුම්රියෙන් ඉහළකෝට්ටේ දුම්රිය ස්ථානයට පැමිණිමයි . කොළඹ සිට පැය දෙකකින් දුම්රිය ඔස්සේ මෙතැනට ළගා විය හැකි ය . ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ වේදිකාවේ කෙළවරින් වම් පසට ඇති පඩි පේළිය ඔස්සේ ගමන් කිරීමෙන් කන්දට යන මාර්ගයට පිවිසිය හැකි ය . එම මාවතේ කිලෝ මීටර් තුනක් විතර පැමිණෙන විට අලගල්ල තේ කර්මාන්ත ශාලාව හමුවේ . එතැනින් හැරී ඇති පටු මාර්ගයේ ගමන්කොට වනපෙතට පිවිසීමෙන් අලගල්ල මුදුනට ළඟාවිය හැකිය . කන්ද මුදුනේ අමුතුම දුර්ගයකි . එය සිංහ කට ලෙස හැදින් වේ. සිංහ කට ඔස්සේ ඉහළට නැගීමෙන් මෙහි මුදුනටම ඔබට පිවිසිය හැකි ය . 
මේ මුදුනට දුර ඇතින් කොලොම් පුරයද අහල පහළ ඇති උතුවන්කන්ද බතලේගල කන්ද ඌරාකන්ද ඉතා සුන්දරව දැක ගත හැකිය . අලගල්ල මුදුනේ සිට ඇති කටුසු කොන්ද නම් ස්ථානය ඔස්සේ ගමන් කර මෙහි අනිත් මුදුනත වූ පූජාගල කන්ද මුදුනටද පිවිසිය හැකි ය . 
 
ආධුනික කඳු නගින්නකුට වුව මේ දුර පැය තුන හමාරකින් පමණ තරණය කර හැකි ය . ඔබ පූජාගල කන්ද මුදුනටත් පිවිසිය හොත් පහළට ඒමේදී ගිය මග ම නොපැමිණ නැවත අලුත් මාවතක් ඔස්සේ ගංගොඩ දුම්රිය ස්ථානයට පැමිණිය හැකිය . ගංගොඩ යනු ඉහළකෝට්ටේ දුම්රිය ස්ථානයට කලින් හමුවන දුම්රිය ස්ථානයයි . එක් දින චාරිකාවකට කදිම ආශ්වාදනිය අද්දැකීමක් ගන්නට යමු අලගල්ල තරණය කරන්නට .
 









bookmark_borderඅතුරු තහනම තවදුරටත් – විභාගයට දින තීන්දුයි – UPDATE

දෙසැ 14, 2018 17:50

තමන් අගමැති ධූරයේ කටයුතු කිරිම වළකාලමින් අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ නමුත්, එම අතුරු නියෝගය ඉවත් කරන්නැයි  කර තිබු ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

පෙත්සම් විභාගය ජනවාරි 16,17,18 යන දිනවළ කැඳවීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.


අතුරු තහ­නම දිග­ටම

වැඩි දුර විභා­ගය ජන­වාරි 16-17-18

අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­පක්ෂ මහතා හා අමාත්‍ය මණ්ඩ­ලය සිය ධුර­යන්හි කට­යුතු කිරීම වළ­කා­ල­මින් අභි­යා­ච­නා­ධි­ක­ර­ණය විසින් ලබා­දුන් අතුරු තහ­නම් නියෝ­ගය අත්හි­ටු­වන ලෙස කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල විසින් ඊයේ (14) ඒක­ම­ති­කව ප්‍රති­ක්ෂේප කරන ලදී.

එසේ වුවද මහින්ද රාජ­පක්ෂ මහතා හා අමාත්‍ය මණ්ඩ­ලය ඉදි­රි­පත් කළ විශේෂ අභි­යා­චන පෙත්සම විභා­ග­යට ගැනී­මට තීර­ණය කළ ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල එම පෙත්සම් ලබන ජන­වාරි 16, 17 හා 18 දින­යන්හි විභා­ග­යට ගැනී­මට තීර­ණය කළේය. මෙම පෙත්සම ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය හමුවේ විභා­ග­යට ගෙන අව­සන් වන­තෙක් මෙම සිද්ධි­යට අදා­ළව අභි­යා­ච­නා­ධි­ක­ර­ණය හමුවේ වන රිට් පෙත්සම් විභා­ග­යද අත්හි­ටු­ව­මින් නියෝ­ග­යක් ද නිකුත් කළේය.

පෙත්සම් විභා­ගය පංච­පු­ද්ගල විනි­සු­රු­ම­ඬු­ල්ලක් හමුවේ කැඳ­වීම සඳහා සලකා බැලී­මට අග­වි­නි­සුරු නලීන් පෙරේරා මහතා වෙත යොමු කෙරුණි.

ඊවා වන­සු­න්දර (සභා­පති), බුව­නෙක අළු­වි­හාරේ, විජිත් මල­ල්ගොඩ යන ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල විසින් මෙම තීන්දු ඊයේ (14) නිකුත් කරන ලදී.

අතුරු තහ­නම් නියෝ­ගය ඉවත් කිරී­මට කළ ඉල්ලීම විනි­සුරු මඬුල්ල විසින් ඒක­ම­ති­කව ප්‍රති­ක්ෂේප කරන ලද අතර විනි­සුරු විජිත් මල­ල්ගොඩ මහතා පම­ණක් අභි­යා­චන පෙත්සම විභා­ගය ගැනීම සම්බ­න්ධව විරුද්ධ විය.

විනි­සුරු විජිත් මල­ල්ගොඩ මහතා දන්වා සිටියේ පෙත්සම විභා­ග­යට නොගෙන ඒ අව­ස්ථා­වේ­දීම නිෂ්ප්‍රභ කළ යුතු බවයි.

අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­පක්ෂ මහතා හා අමාත්‍ය මණ්ඩල සාමා­ජි­ක­යන් විසින් විශේෂ අභි­යා­චන පෙත්ස­මක් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර එම­ගින් අභි­යා­ච­නා­ධි­ක­ර­ණය මගින් ලබා­දුන් අතුරු තහ­නම් නියෝ­ගය ඉවත් කරන ලෙසට ඉල්ලා තිබුණි.

ඊයේ (14) පෙර­ව­රුවේ මෙම පෙත්සම් සලකා බැලීම ආරම්භ කෙරුණි.

අභි­යා­ච­නා­ධි­ක­ර­ණය ලබාදී ඇති අතුරු නියෝ­ගය හේතු­වෙන් ‍රටෙහි අග­මැ­ති­ව­ර­යෙක් හා අමාත්‍ය මණ්ඩ­ල­යක් නොමැති තත්ත්ව­ය­කට පත්ව ඇති බවත් එම නියෝ­ගය හේතු­වෙන් අමාත්‍ය මණ්ඩ­ල­යක් පත් කිරීමේ නොහැ­කි­යා­වක් පව­තින බවත් විශේෂ අභි­යා­චන පෙත්සම සම්බ­න්ධව කරුණු දක්ව­මින් ජනා­ධි­පති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පවසා සිටි­යේය.

අසං­ශෝ­ධිත හැන්සාඩ් වාර්තා­වක් පද­නම් කර­ගෙන අභි­යා­ච­නා­ධි­ක­ර­ණය මෙම තීන්දුව ලබාදී ඇති බවත් මෙයින් සම්පූර්ණ නඩු තීන්දුවේ සම­බ­ර­තා­වයේ පහ­සු­තාව අනුව පෙත්ස­ම්ක­රු­වන් දැඩි අප­හ­සු­තා­ව­කට පත්ව ඇති බව හා එය මුළු රට­ටම බලපා ඇති බවත් පෙන්වා දුන් ජනා­ධි­පති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අලු­තින් අමාත්‍ය මණ්ඩ­ල­යක් පත්කි­රී­ම­ටත් ඉන්න අයට එම ධුර­වල කට­යුතු කිරී­මට අභි­යා­ච­නා­ධි­ක­රණ අතුරු නියෝ­ග­යෙන් නොහැකි වී ඇති බවත් අව­ධා­ර­ණය කළේය.

පාර්ලි­මේ­න්තුවේ විශ්වා­ස­භං­ගය තහ­වුරු වූ බව රනිල් වික්‍ර­ම­සිංහ මහතා ඇතුළු පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කරන මන්ත්‍රී­ව­රුන් 122 දෙදෙනා විසින් ලබා දී ඇති දිවු­රුම් ප්‍රකාශ මඟින් තහ­වුරු වන බව ජනා­ධි­පති නීතිඥ කනක ඊෂ්ව­රන් මහතා කරුණු දක්ව­මින් සඳ­හන් කර සිටි­යේය.

අසං­ශෝ­ධිත හැන්සාඩ් වාර්තාව පිළි­ගත නොහැකි බවට පෙත්ස­ම්කාර පාර්ශ්වය මේ අව­ස්ථා­වේදී තර්ක­යක් ඉදි­රි­පත් කළද සාක්කි ආඥා පනතේ 57 වග­න්තිය ප්‍රකා­රව පාර්ලි­මේ­න්තුවේ ‍ඕනෑම ලිය­වි­ල්ලක් සාක්කි­යක් ලෙස පිළි­ගත හැකි බවට සඳ­හන් වන්නේ යැයි ද රනිල් වික්‍ර­ම­සිංහ මහතා ඇතුළු පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කරන 122 දෙදෙනා වෙනු­වෙන් පෙනී සිටි කනක ඊෂ්ව­රන් මහතා පැව­සීය.

පාර්ලි­මේන්තු වර­ප්‍ර­සාද පනතේ 18 වග­න්තිය යටතේ රජයේ මුද්‍ර­ණා­ල­යා­ධි­ප­ති­ව­රයා විසින් සහ­තික කර නිකුත් කර තිබෙන ඕනෑම පාර්ලි­මේන්තු සට­හ­නක් සාක්කි­යක් ලෙස අධි­ක­ර­ණය හමුවේ පිළි­ගත හැකි බව ජනා­ධි­පති නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කරුණු දක්ව­මින් පැව­සීය.

තවද ස්ථාවර නියෝග 42 (1) අනුව හඬ ඡන්දය පාර්ලි­මේන්තු එක් ඡන්ද විම­සී­ම­කදී භාවිතා කළ හැකි බවත් මෙම අභි­යා­චන පෙත්සම පාර්ලි­මේ­න්තු­වට සෘජු­වම අදාළ කරු­ණක් බැවින් මෙම අභි­යා­චන පෙත්සම් විභා­ග­යට ගැනී­මට බල­යක් නැති බවත් වැඩි­දු­ර­ටත් දන්වා සිටි­යේය.

දෙපා­ර්ශ්වයේ කරුණු දැක්වී­ම්ව­ලින් අන­තු­රුව පෙත්ස­ම්කාර පාර්ශ්ව­යන් විසින් නැවත ප්‍රති­වි­රෝ­ධතා දක්වන ලදී.

ඉන් අන­තු­රුව විනාඩි 10 ක අධි­ක­රණ කට­යුතු නතර කළ විනි­සුරු මඬුල්ල සිය තීන්දුව ප්‍රකා­ශ­යට පත්ක­රන ලදී.

විශේෂ අභි­යා­චනා පෙත්සම ඊයේ (14) කැඳවූ අව­ස්ථාවේ සභා­පති විනි­සුරු ඊවා වන­සු­න්දර මහ­ත්මිය පවසා සිටියේ 39 වස­රක් වූ තම රාජ්‍ය සේවය තුළ තමා කිසි විටෙ­කත් මුහුණු බලා තීන්දු තීරණ නොගත් බවයි.

එහිදී රාජ්‍ය සේව­යෙන් ඊයේ (14) විශ්‍රාම ගිය ඊවා වන­සු­න්දර මහ­ත්මි­යගේ සේවය අග­ය­මින් විනි­සුරු මඬුල්ල හා නීති­ඥ­ව­රුන් ඇයට කෘත­වේ­දී­ත්වය දක්වා සිටි­යේය.

කුමුදු හෙට්ටි­ආ­රච්චි









bookmark_borderදිනේෂ් නව සභා නායක ධුරයේ වැඩ අරඹයි

නොවැ 5, 2018 13:12

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මිට සුළු මොහොතකට පෙර නව සභා නායක ධුරයේ වැඩ ආරම්භ කර ඇත.

පාර්ලිමේන්තුවේ සභා නායක කර්යාලයෙදි අද (05) වැඩ භාර ගැනීම සිදු වීය.









bookmark_borderTour Of Irakkandi | සුන්දර ඉරක්කණ්ඩි මිහිරියාව විඳගනිමු

ඔක්‌ 25, 2018 10:49
නලින් දිල්රුක්ෂ
සංචාරයට සීමා මායිම් නැත.  ඒ ආශ්වාදයට ද සීමා මායිම් නැත. එකිනෙකා විවිධාකාරයට විනෝදාශ්වාදය ලබති. අද අප ඔබ වෙත ගෙන එන්නේ නැවුම් සංචාරයක් තුළ ලබාගත් අපූරුම  වින්දනයක මතක සටහනකි.
 
සංචාරයට කැමැත්තෝ විවිධ ආකාරයේ සංචාරයන් තෝරා ගනිති. තමන් පෙර කල නොගිය ස්ථානයකට යෑමට බොහෝ පිරිස් රුචියක් දක්වති. මුහුද ආශ්‍රිතව විවේකීව සිත්සේ විනෝද වන්නට කදිම ස්ථානයක සංචාරක මතක සටහනකි මේ.
 
අද අපේ සංචාරය ඉරක්කණ්ඩි මුහුදු තීරය හා සින්නකරච්චි කළපුවේ වෙතට යි. කොහෙද මේ ඉරක්කන්ඩි තියෙන්නේ.  ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය නගරයට කිලෝමීටර් 18ක් පමණ ඔබ්බෙන්.  ඔබට වඩාත් පහසු විදිහට කියනවා නම් ඔබ දන්න නිලාවේලි මුහුදු තීරය කිලෝමීටර් තුන හතරක් එපිටින්.  ශ්‍රී ලංකාවේ දිගම පාලම් අතර දිගින් තුන්වැනි ස්ථානය ගන්නා ඉරක්කන්ඩි පාලම පසුකර මද දුරක් යනවිට ඉරක්කන්ඩි මුහුදු තීරය හමුවේ. 
 
ඉරක්කණ්ඩි කොරල් පරය යනු නැ‍ඟෙනහිර වෙරල තීරයේ තිබෙන සුන්දරම කොරල් තීරයයි. විසිතුරු මුහුදු මත්ස්‍යයින්, කුඩා ප්‍රමාණයේ මෝරුන්, මෙන්ම ඉතා අලංකාර කොරල් පර සමූහයකින් යුක්ත මේ ඉරක්කණ්ඩි මුහුදු තීරය තවමත් ප්‍රසිද්ධ නැති නිසංසල වගේම ඉතා සුන්දර මුහුදු තීරයකි. සින්න කරචිචි කලපුවේ මෝය කටත් දර්ශණීය ඉරක්කණ්ඩි පාලමත් ඉරක්කණ්ඩි මුහුදු තීරයේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරයි.
 
ඉරක්කණ්ඩි සුන්දර මුහුදු තීරය එක් පසකින් ද, අනිත් පසින් සින්නකරච්චි කළපුව ද පිහිටා ඇත. තවමත් සංචාරක ආකර්ෂණය මහ ඉහළින් නොලැබුව ද නිලාවේලි මුහුදු තීරය ටත් වඩා අතිශය සුන්දර ස්ථානයක් බව එහි ගිය අපට දක්නට ලැබිණි. මෙහි ඇති විශේෂත්වය නම් කලපුව තුළ පිහිටි සාගර උද්‍යානයයි. 
 
එහි මැනවින් කොරල් පර වැඩී ඇත. කරදිය මිරිදිය මිශ්‍ර වතුරේ ගැවසෙන අතිශය සුන්දර මත්‍ය ගහනයක්ද මේ කළපුවේ වෙයි. නොගැඹුරු පැහැදිලි දිය සහිත කළපුවේ මේ කොරල් පර අතර සිට සුන්දරත්වය නැරඹීමට හැකිවීම ම භාග්‍යයකි.
 
දැනට මේ ස්ථානයේ සංචාරකයන් සඳහා සේවා සපයන ආයතක දෙකක් පමණ පිහිටුවා ඇති අතර ඔවුන් ගේ උපදේශකයන්ගේ මග පෙන්වීම යටතේ මේ කොරල් නැරඹීමටත් බෝට්ටු සවාරි, ස්නොක්ලින්(Snorkeling), කායකින් (Kayaking) වැනි ජල ක්‍රීඩාවන්හි නිරත වීමටත් හැකිය. ජිවිතාරක්ෂක උපකරණ ආදිය ද මෙහිදි ඔවුන්ගෙන් ලබා ගැන්මට හැකියාව ඇත.
 
කිසිවකුගේ සහය නොලබා වුවත් මෙහි සිත් සේ විනෝද විය හැකි නමුත් ඒ උපදේශකයෙකුගේ මග පෙන්වීම ලබාගැන්ම කළපුවේ කොරල්පරයේ ආරක්ෂාවට හිතකරය. මන්ද යත් අප නොදැන කොරල් මත ඇවිදින්නට බලන්නට ගියහොත් මේ අගනා කොරල් පරයද විනාශයට ලක්වන්නට ඉඩ ඇත.
 
වඩාත්ම සුන්දර දසුන උදාවන්නේ හිරු උදාවත් සමගයි. රක්තවර්ණ වන නැඟෙනහිර ක්ෂිතිජය ඔස්සේ හිරු උදාවේ චමත්කාරය වචනයෙන් විසිතර කළ නොහැක. දිනක එය නැරඹිය යුතුමය. ත්‍රිකුණාමල සංචාරයකදී රාත්‍රී නවාතැන ලෙස ඔබ මේ ඉරක්කණ්ඩි තෝරාගන්න. තාමත් වඩා සංචාරක අවධානයට ලක්ව නැති හෙයින් මෙහි නවාතැන් පහසුකම් ආදියද සාධාරණ මිල ගණන්වලට ලබා ගත හැකිය.
 
ඉරක්කණ්ඩි සිට බලන විට සුප්‍රකට පරවි දුපතද අපට දිස්වේ. මෙහි සිට බෝට්ටු මගින් එහි යාමට ද හැකියාව ඇත.
 
ඉරක්කණ්ඩි සංචාරයක ඔබ නිරත වන්නේ නම් ඔබට නැරඹිය හැකි අනෙක් තැන් වන්නේ කන්නියා උණුවතුර ළිං, තිරියාය ගිරිහඩු සෑය හා ලංකාවට ආවේනික වූ මුහුදු තීරයක් සහිත ආරාණ්‍ය සේනාසනයක් වූ අරිසිමලේ යි. අරිසිමලේ යනු එහි වැල්ල සැබැ සහල් ඇට මෙන් පැවතීමයි. අරිසිමලේ මුහුදු තීරයද දිය නැමට ආරක්ෂිත ස්ථානයකි.
 
කොළඹ සිට කුරුණෑගල හබරණ ත්‍රිකුණාමලය හරහා යන්නේ නම් දුර ප්‍රමාණය කිලෝ මීටර් 280ක් පමණ වයෙි. ඔබේ මී ළග නැඟෙනහිර චාරිකාව සැලසුම් කිරීමේදී ඉරක්කණ්ඩි යන්නට අමතක නොකරන්න. තාමත් සුරක්ෂිතව පිරිසිදුව පවතින ඒ වෙරළ තීරය අපද්‍රව්‍යයන්ගෙන් කිළිටි නොකරන්න. අපේ ඉල්ලීම එයයි.
 
චාරිකා සටහන නලීන් දිල්රුක්ෂ.
 









bookmark_borderජනපති මෙහෙවර ගැන අගමැතිගෙන් පැසසුම්

අගෝ 21, 2018 11:53

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේසන මහතාගේ නායකත්වයෙන් වත්මන් රජය බලයට පත්වීමෙන් පසු රැකියා 430,000ක් ලබා දී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ස්වයංරැකියා හා විවිධ ආදායම් මාර්ග උත්පාදනය කරන පිරිස් ද ඇතුලත්ව නව රැකියාලාභීන් ලක්‍ෂ 07ක් පමණ බිහි කිරීමට රජයට හැකියාව ලැබී ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය. 

රැකියා විරහිත උපාධිධාරීන් හාරදහස් එකසිය දෙනෙකුට පත්වීම් පිරිනැමීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ ඊයේ(20)පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. (දර්ශන උපුටා ගැනීම – ජාතික රූපවාහිනිය)









bookmark_borderසුලෝහිත මහා සංග්‍රාමය හෙට සහ අනිද්දා

මාර් 2, 2018 09:36
නලින් දිල්රුක්ෂ
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සහ උපරිම දස්කම් පෑ ක්‍රීඩකයන් බොහෝදෙනකු බිහිකළ  පාසල් ද්විත්වය වන කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර පැවැත්වෙන 89 වැනි ‘සුලෝහිත සංග්‍රාමය’ ක්‍රිකට් තරගය මේ මස (මාර්තු ) 03සහ 04 දෙදින උදෑසන 10 සිට සවස 05.00 දක්වා එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානයකොට තිබේ.
 
මෙම දෙවිදුහලින් ටෙස්ට් සහ එක්දින ක්‍රීඩකයන් 60කට වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්කර තිබීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට්  ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර සහ ශ්‍රී ලංකාවේ සුවිශේෂි ක්‍රිකට් නායකයකු වන මහේල ජයවර්ධන, නාලන්දා විදුහලේ ද, 1996 වසරේ ලෝක කුසලාන දීනු ශ්‍රී ලංකා පිලේ නායකත්වය දැරූ අර්ජුන රණතුංග ආනන්ද විදුහලේ ද ආදි සිසුවෝ වෙති.
එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමෙහි වත්මන් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ,කණ්ඩායම් කළමනාකරුවන අසංක ගුරුසිංහ, පුහුණුකරුවකුවන තිලාන් සමරවීර සහ වත්මන් ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ද මෙම දෙවිදුහලින් බිහිවීම සුවිශේෂත්වයකි.
 
ආනන්ද සහ නාලන්දා දෙවිදුහල් දායාද කළ සිදත් වෙත්තමුණි, අනුර රණසිංහ, අජිත් ද සිල්වා, ලලිත් කළුපෙරුම, බ්‍රෙන්ඩන් කුරුප්පු, රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ, මාවන් අතපත්තු, කුමාර ධර්මසේන, අවිෂ්ක ගුණවර්ධන, මහේල ජයවර්ධන සහ තිලාන් සමරවීර යන ක්‍රීඩකයෝ ක්‍රිකට් ක්‍රීඩාවට සේවයක් කළ ආදී ආනන්දියෝ සහ නාලන්දියෝ වෙති.
 
ආනන්ද -නාලන්දා මහා ක්‍රිකට් තරගය  1924 වසරේ සිට ආරම්භ කර ඇත. තරග 88 කදී ආනන්ද විදුහල තරග 12 ක් ද, නාලන්දා විදුහල තරග 6 ක් ද ජය ලබා ඇති අතර ඉතිරි තරග ජය පැරදුමින් තොරව අවසන් වී තිබේ. ආනන්ද විදුහල 2003 වසරේ දමින්ද කුලරත්නගේ නායකවත්වයෙන් ද, නාලන්දා විදුහල 1953 වසරේ ඩබ්ලිව්. ඩබ්ලිව්. සිල්වාගේ නායකත්වයෙන් ද අවසන් වරට ජය ලබා තිබේ.
සුලෝහිත සංග්‍රාමයේ මුල්ම ශතකලාභියා ලෙස වාර්තාගත වන්නේ නාලන්දා කණ්ඩායමෙහි පී.එම්.ජයතිලකය. ඔහු 1929 දී ලකුණු 111ක් රැස්කොට තිබේ. සුලෝහිතයේ වැඩිම ලකුණුලාභිය වන්නේ ශාන්ත කලවිටිගොඩය. ඔහු 1997 වසරේදී නොදැවී ලකුණු 149ක් රැස් කළේ සුලෝහිත සංග්‍රාමයේ ඉතිහාසය වෙනම පිටකට හරවමිනි.
මෙවර දෙවිදුහල්හිම කණ්ඩායම් සැලකිය යුතු දස්කම් දක්වා ඇත.
 
ළහිරු හිරන්‍ය මෙම තරග වාරයේදී ලකුණු 627 ක් රැස්කරමින් ආනන්ද විදුහල් පිලේ ප්‍රබලතම පිතිකරු බවට පත්ව සිටියි. දුෂාන් හෙට්ටිගේ(570) කණිෂ්ක රන්තිලක  (520), කමේෂ් නිර්මාල්(467) නායක අසෙල් සිගේරා (423), ශමාල් හිරුෂාන් (409) ආනන්ද විදුහල් පිතිකරු ලැයිස්තුවේ සෙසු ප්‍රබලයෝ වෙති.
 
ආනන්ද විදුහල් පිලේ නායක අසේල් සිගේරා පන්දුවෙන් ද දස්කම් දක්වමින් මෙම තරග වාරයේ කඩුලු 50ක් දවා ගැනීමට සමත්ව සිටියි. දමින්ද රෙෂාන්( 24) සහ ශමාල් හිරුෂාන් (24) ආනන්ද විදුහල් පන්දු යැවීමේ බලැණිය ශක්තිමත් කරන සෙසු ක්‍රීඩකයන් වෙති.
 
මෙවර නාලන්දා විදුහලේ ප්‍රබලතම පිතිකරු ලෙස ලක්ෂිත රසාංජන හැඳින්විය හැකිය.ඔහු  මෙම තරග වාරයේදී ලකුණු 780 ක් රැස්කළ අතර පසුසිය සුලෝහිත සංග්‍රාමයේ දී ශතකයක් රැස්කිරීමට ද සමත්විය. චමිඳු විජේසිංහ (570) සුහඟ විජේවර්ධන (627) අවිශ්ක පෙරේරා (558) දිල්හාර පොල්ගම්පළ (466) ලෙස පිත්තෙන් දස්කම්පෑ සෙසු නාලන්දීය ක්‍රීඩකයෝ වෙති.
 
පන්දු යැවීම අතින් නාලන්දාවේ කවීෂ මදුරප්පෙරුම කඩුලු 59ක් දවාගනිමින් ප්‍රබලයා බවට පත්ව ඇති අතර නායක ලක්ෂිත රසාංජන (49) චමිඳු විජේසිංහ (48) රවීන් ද සිල්වා (47) කඩුලු දවාගනිමින්  පන්දුවෙන් දස්කම් පෑ නාලන්දාවේ පන්දු යවන්නන්ගේ බල ඇණියට ඇතුළත්ව සිටී.
89 වන වරට පවත්වනු ලබන සුලෝහිත සංග්‍රාමය මෙවර විචිත්‍රාංග සහ නවාංග රැසකින් සවිබල ගැන්වීමට ඒකාබද්ධ සංවිධායක කමිටුව සැලසුම්කොට තිබේ.මෙවර ඒකාබද්ධ කමිටුවෙහි ආනන්ද විද්‍යාලයේ සභාපතිවරයා ලෙස මංජුල විජේමාන්න කටයුතු කරනු ලබන අතර නාලන්දාවේ සභාපතිවරයා ලෙස මොහාන් ගුණදාස කටයුතුකරයි.
 
ආනන්ද කණ්ඩායම
 
 
පළමු පෙළ (ඉඳගෙන වමේ සිට)
 
රමේෂ් පෙරේරා මහතා(පුහුණුකරු)ප්‍රියංකර නන්දසේන මහතා(විෂය භාර ආචාර්ය )ජී.ඒ .ආර්.එල් පෙරේරා මහතා(නියෝජ්‍ය විදුහල්පති )අසෙල් සිගේරා (නායක)එස්.එම්.කීර්තිරත්න මහතා(විදුහල්පති )ළහිරු අත්තනායක (උප නායක)එම්.එස්.කේ.ගුණතිලක මහතා (නි.විදුහල්පති )ජගත් අල්විස් මහතා(ක්‍රීඩා භාර ආචාර්ය )
 
දෙවන පෙළ(සිටගෙන -වමේසිට)
 
දමින්ද රෙෂාන්,කණිෂ්ක රන්තිලකගේ,ගිෂාන් එදිරිසිංහ,හසිඳු ශාමික,දුෂාන් හෙට්ටිගේ,චාමික ගුණසේකර,ඛමේෂ් නිර්මාණ්,කළණ විජේසිරි,ශ්‍යමාල් හිරුෂාන්,සනත් දිසානායක,කවිඳු ගිම්හාන,ලක්ෂිත අමරසිංහ.
 
 
 නාලන්දා කණ්ඩායම
 
 
ඉදිරි පෙළ
කීර්ති ගුණරත්න මහතා(ප්‍රධාන පුහුණුකරු )සමන් හෙට්ටිආරච්චි මහතා(විෂය භාර ආචාර්ය )ලක්ෂිත රසාංජන මනසිංහ(නායක)මහේෂිකා විජේරත්න මහත්මිය ( නියෝජ්‍ය විදුහල්පතිනිය)අජිත් වික්‍රම මහතා(නියෝජ්‍ය විදුහල්පති )තිලක් වත්තුහේවා මහතා(විදුහල්පති )වී.ආර්.පී කුමාර මහතා  (නියෝජ්‍ය විදුහල්පති )මාලනී යටවර මහත්මිය (ක්‍රීඩා භාර ආචාර්ය )සුහඟ විජේවර්ධන(උප නායක)උමෙක්ෂ දිල්ෂාන් ,ප්‍රසන්න දහනායක මහතා  (සහය පුහුණුකරු )
 
 
සිටගෙන (වමේ සිට දකුණ දක්වා)
 
රවීන් ද සිල්වා,කවීෂ් මදුරප්පෙරුම ,කළණ කත්‍රිආරච්චි,මනිම වීරකෝන්,රනිඳු ද සිල්වා,රුසිරු ද සිල්වා,සචිත ගුණතිලක,නිපුන් දේවින්ද,මධුෂාන් හසරංග,දිනේන්ද්‍ර කස්තුරිආරච්චි,චමිඳු විජේසිංහ ,අවිශ්ක පෙරේරා.
 









bookmark_borderජනපිය ගායිකා ජින්ජර් අනතුරට ලක්වෙයි

දෙසැ 28, 2017 15:22
ජනපිය ගායිකා ජින්ජර් වයිට් අද උදැසන මාතරදී සිදුවූ රිය අනතුරකින් තුවල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
සංගිත ප්‍රසංගයකට සහභාගී වී පැමිණෙමින් සිටියදි සිය මෝටර් රථය මෙසේ අනතුරට ලක්ව තිබේ.
මේවන විට ඇය ශල්‍ය කර්මයකට ලක් කොට ඇතැයි පැවසේ.









bookmark_borderක්‍රිස් ගේල් ගෙන් සුපිරි ඉනිමක්

දෙසැ 13, 2017 08:03

බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී ගේල් මේ දස්කම දැක්වූයේ ධකා ඩයිනමයිටස් පිළට එරෙහිවය.

මෙහිදි ගේල් පන්දු 69කදී හයේ පහර 18ක් සමගින් නොදැවී ලකුණු 146ක් ලබාගත්තේය. මෙය ඔහු විසින්ම කලකට පෙර තැබූ වාර්තාව අලුත් කිරීමකි.