අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මේ බව කියා සිටියේ ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) පර්යේෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුව සංවිධානය කළ තුන්වන ජාත්‍යන්තර අධ්‍යාපන පර්යේෂණ සම්මන්ත්‍රණය – 2026 (International Research Symposium on Education – 2026) සඳහා එක්වෙමිනි. මෙම වැඩසටහන 2026 නොවැම්බර් 26 වන දින මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේදී පැවැත්විණි.
නොවැම්බර් 25 සහ 26 යන දෙදින තුළ පැවති සම්මන්ත්‍රණය ඔස්සේ පර්යේෂණ සහ දැනුම හුවමාරුවට මෙන්ම සමකාලීන අධ්‍යාපනික අභියෝග හා නව ප්රවණතා පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාව උදා විය.
වෙබ් අඩවියක් එළිදැක්වීම සහ ගුරු පුහුණුව නිරීක්ෂණය
මෙහිදී ජාතික අධ්‍යාපන ආයතනයේ පර්යේෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව නිල වෙබ් අඩවිය වන International Research Symposium on Education – 2026 අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් එළිදැක්විණි.
ඉන් අනතුරුව, නව ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට සමගාමීව පැවති ගුරු පුහුණුකරුවන්ගේ පුහුණු වැඩසටහනක් ද ඇයගේ නිරීක්ෂණයට ලක් විය. මෙම පුහුණුව සංවිධානය කර තිබුණේ 2027 වසරේ 6 ශ්‍රේණියේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයෙහි දෙවන හා තෙවන වාරවල ඉගැන්වීම් වෙනුවෙනි.
අධ්‍යාපන පද්ධතියේ වෙනසක්
අධ්‍යාපනය යනු රැකියා වෙළෙඳපොළට පුද්ගලයන් සූදානම් කිරීම පමණක් නොව, වගකීම් සහගත පුරවැසියන් බිහිකිරීමේ ජාතික වගකීමක් බව අග්‍රාමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් අවධාරණය කළාය.
හුදෙක් පෙළපොත් හෝ විෂය නිර්දේශ සංශෝධනයෙන් නොනැවතී, වසර 13ක පාසල් අධ්‍යාපන විෂයමාලා පද්ධතියම ක්‍රමානුකූලව අදියරෙන් අදියර ප්‍රතිසංස්කරණය කරන බව ද ඇය සඳහන් කළාය.






