ශ්රී ලංකාව බිහිකළ විශිෂ්ඨතම පිතිකරුවෙකු මෙන්ම හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන හට ඉන්දීය කාන්තා ප්රිමියර් ලීග් තරගාවලියේ දිල්ලි කැපිටලස් කණ්ඩායමේ ක්රිකට් අධ්යක්ෂ තනතුර හිමිව ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් අද (20) පෙරවරුවේ නිල වශයෙන් දැනුම් දී තිබේ.
එළඹෙන තරගවාරයේ වගකීම
ලැබී ඇති මෙම නව පත්වීම අනුව එළඹෙන තරගවාරයේ සිට දිල්ලි කැපිටලස් කාන්තා කණ්ඩායමේ ක්රිකට් අධ්යක්ෂ ධුරයේ කටයුතු මෙහෙයවනු ලබන්නේ මහේල ජයවර්ධන විසිනි.
පසුගිය වසර තෙක් ඉන්දීය ප්රිමියර් ලීගයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස ඔහු කටයුතු කළ අතර, මීට දින කිහිපයකට පෙර එම තනතුරෙන් සමුගන්නා බව නිවේදනය කර තිබුණි.
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





