මුහුණු පොත හා WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හරහා ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් ලැබී තිබූ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය පතමින් අද (05) උදෑසන පොලිසිය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.

අධිකරණ නියෝගය ගැන දැනුම් දීම

කෙසේ වෙතත්, අදාළ නිවේදනයේ නම සඳහන් පුද්ගලයා තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කර තිබූ බව පසුව අනාවරණය වී ඇත.

එම නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිතුමාගේ උපදෙස් ලැබෙන තුරු සැකකරු අත්අඩංගුවට නොගන්නා ලෙස අධිකරණ නියෝගයක් ලැබී ඇති බව අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අද (05) දිනයේ වාර්තාවක් මගින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය වෙත දැනුම් දී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.