රේගු නිලධාරීන් මුලාකරමින් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට හැදූ රුපියල් මිලියන 792ක් වටිනා විදේශීය සිගරට් අඩංගු කන්ටේනරයක් කොටුකර ගැනීමට රේගුව සමත් විය.

මෙම වැටලීම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන අංශය විසිනි.

කඩදාසි මුවාවෙන් කළ ජාවාරම

ඉන්දියාවේ සිට මෙම භාණ්ඩ තොගය එවා ඇත්තේ කඩදාසි සහ ෆොටෝ කොපි කඩදාසි බවට ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කරමින් බව හෙළිව ඇත.

පරීක්ෂා කිරීමේදී කන්ටේනරය තුළ තිබී විදේශීය සිගරට් කාටුන් හාරසිය පනස් හතක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.

කඳානට යවන්න හැදූ හැටි

මෙම විදේශීය සිගරට් තොගය කඳාන ප්‍රදේශයේ පිහිටි ව්‍යාජ ලියකියවිලි සහිත සමාගමක් වෙත ආනයනය කිරීමට සැකකරුවන් උත්සාහ කර ඇති බව අනාවරණය වී තිබේ.

සිද්ධියට අදාළව එක් සැකකරුවෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.