රෝස සහ රන්වන් පැහැයෙන් හැඩගැන්වුණු සාම්ප්‍රදායික මංගල ඇඳුම්, එළිමහන් උද්‍යාන සහ බොල්ගොඩ ජලාශ්‍රිත පසුබිමක දිගහැරෙන සුන්දර දසුන් සමඟින් සමාජ මාධ්‍ය තුළ වැඩිපුරම කතාබහට ලක්වූ චරිතයක් බවට ඇය පත්ව සිටියි. ඒ, ජනප්‍රිය රංගන ශිල්පිනියක, නර්තන ශිල්පිනියක ද වන ඩිෂ්නි රාජපක්ෂ සිය ජීවිතයේ නවතම පරිච්ඡේදය ආරම්භ කිරීමත් සමඟිනි.

සිය පියාගේ වැඩිමල් සොයුරියගේ පුතා රජිත් සමගින් ඇය විවාහ දිවියට එළඹ ඇති බව වාර්තා වේ.


මෙම විවාහයේ පෙරනිමිති පසුගිය ජූලි මාසයේදී ද දැකගත හැකි විය. එහිදී ඩිෂ්නි විසින් සිනමන් ලයිෆ් හි සිදුකළ ඡායාරූපකරණයක තොරතුරු අන්තර්ජාලයට එක් කර තිබුණි. නව යුවළකගේ ගමනාන්ත මංගල්‍යයක් (destination-wedding style) එළිදක්වා තිබුණි.

ඩිෂ්නි (උමාරියෝ නොහොත් උමංගි) රාජපක්ෂ යනු හුදෙක් රූපයට සහ රංගනයට පමණක් සීමා වූ තරුණියක නොවේ. 1999 වසරේ පමණ කුරුණෑගලදී උපත ලබා මලියදේව බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඇය, පාසල් දැල්පන්දු කණ්ඩායමේ නායිකාව ලෙස ද කටයුතු කළාය. නාට්‍ය හා නර්තන කණ්ඩායම්වල කැපීපෙනෙන චරිතයක් වූ ඩිෂ්නි, අඛණ්ඩව වසර පහක් සමස්ත ලංකා බැලේ නර්තන තරඟවලින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත් වූවාය.




ඇයගේ මව්පියන් වන ගාමිණී සහ සේනානි රාජපක්ෂ මුල්කාලීනව ඇය නිරූපණයට හෝ රංගනයට යොමුවනවාට වඩා අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරනවා දැකීමට කැමැත්තෙන් පසුවිය. යශෝධරා සහ සරලා නමින් සහෝදරියන් දෙදෙනෙකු සිටින ඩිෂ්නි, මව්පියන්ගේ අපේක්ෂාවන් සහ තමන්ගේ කලාත්මක සිහින යන දෙකම සමබරව පවත්වා ගත්තාය. ඒ අනුව ඇය ඔස්ට්‍රේලියාවේදී ළමා මනෝවිද්‍යාව සහ අධ්‍යාපනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සම්පූර්ණ කළ බව ද සඳහන් කර තිබේ.

2019 වසරේ Miss Sri Lanka කිරුළත්, 2020 වසරේ Miss Queen of International Tourism කිරුළත් දිනාගත් ඇය කලා ක්ෂේත්‍රයේ වඩාත් පුළුල් ජනප්‍රියත්වයකට පත්වූයේ 2021-22 පමණ කාලයේ විකාශය වූ හිරු මෙගා ස්ටාර්ස් සීසන් 3 හරහාය. ඒක දවසක අපි (2018), සූස්ති (2020), ආලේ කොරෝනා (2021), රේණු ලෙස රඟපෑ පීකොක් ලැමන්ට් (2022) සහ සීරු වෙන් (2024) යන නිර්මාණ මෙන්ම රාවණා ටෙලිනාට්‍යයට අදාළ නිර්මාණ ද ඇයගේ රංගන දිවියේ සුවිශේෂී සන්ධිස්ථාන වේ.



ඇයගේ වර්තමාන සැබෑ විවාහ උත්සවය පිළිබඳ පුවත තහවුරු වීමත් සමඟ, 2021-22 කාලයේ පැතිරගිය කටකතාවකට ද ස්වභාවිකවම තිත තැබී තිබේ. මෙගා ස්ටාර්ස් වේදිකාවෙන් පසු, කාල, හැපි බර්ත්ඩේ, සහ දිවිතුරා වැනි නිර්මාණ හරහා ප්‍රකට නළු සහ ගායක සූරිය දයාරුවන් (සූරියලෝක) සමඟ ඩිෂ්නි පෙනීසිටි මංගල ඡායාරූප එකතුවක් යූටියුබ් නාලිකා විසින් රහසිගත විවාහයක් ලෙස හුවා දක්වමින් ප්‍රචාරය කර තිබුණි. එසේම ප්‍රකට නළු චන්න පෙරේරා සමග ඇගේ පැවති සම්බන්ධයක් ගැන කටකතාද පැතිරිණි.

කෙසේ වෙතත්, මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ ඒවායේ කතාබහ දුරදිග ගියේ නැත. සිය පියාගේ වැඩිමල් සොයුරියගේ පුතා රජිත් සමගින් ඇය වසර 6 ක් තිස්සේ පෙම් සබඳතාව මෙසේ විවාහයකින් කෙළවර කළ බව දන්වා තිබෙන අතර රජිත් ඇයට සුදු අම්මි ලෙසත් ඇය රජිත්ට අප්පච්චි ලෙසත් අමතන බව මංගල දිනයේදී පවසා සිටියාය.
ඇයගේ සුරතල් බලුපැටවාටද මංගල දිනයේ විශේෂ තැනක් ලබාදීමට ඩිෂ්නි අමතක නොකළාය.

මූලාශ්‍රය: Gossip Lanka Newsමුල් පුවත කියවන්න