2027 වසර වෙනුවෙන් සකස් කෙරුණු අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය අද (11) දිනයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

මෙම විශේෂ අවස්ථාව සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ද සහභාගී වී සිටියේය.

හෙට පාර්ලිමේන්තුවට එන අයවැය

ආර්ථිකය ස්ථාවර කිරීමෙන් පමණක් නොනැවතී, ආර්ථික ප්‍රසාරණය මෙන්ම පරිවර්තනීය සංවර්ධනය අරමුණු කරගනිමින් මෙම අයවැය සකස් කර තිබේ. ඒ සඳහා රුපියල් බිලියන 2,000ක ප්‍රාග්ධන ප්‍රතිපාදන වෙන් කර ඇති බව සඳහන් වේ.

ඊළඟට කුමක්ද?

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම 2027 අයවැය ලේඛනය හෙට (12) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.