සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. ආණ්ඩුව පත්වී ගතවූ වසර දෙකක කාලය තුළ මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ බවත්, ඒ ඔස්සේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද (CID) පැමිණිලි යොමු කර ඇති බවත් ඔහු කියා සිටියේය.
යහපාලන සමයේ ගිවිසුම සහ අගවිනිසුරු ඉල්ලා අස්වීම
2015 යහපාලන ආණ්ඩු සමයේදී අත්සන් කළ ගිවිසුම දැඩි ලෙස විවේචනය කළ ඇමැතිවරයා, එවකට එම ආණ්ඩුවේ නියෝජ්‍ය නායකයා ලෙස සජිත් මහතා කටයුතු කළ බව සිහිපත් කළේය. මෙම වැරදි ගිවිසුම හේතුවෙන් එවකට මහපොළ භාරකාර අරමුදලේ සභාපති ධුරය දැරූ හිටපු අගවිනිසුරු ශ්රීපවන් මහතා ඉල්ලා අස්වූ බවද ඔහු හෙළි කළේය.
ඉන් පසු වසර දෙකක් යනතුරු මහපොළ භාරකාර අරමුදල කිසිදු කැඳවීමක් සිදු කර නොතිබූ අතර, පසුව හිටපු අගවිනිසුරුවරයකු හෝ විගණකාධිපතිවරයකු යටතේ එය යළි කැඳවීමට පියවර ගත් බවද ඇමැතිවරයා පැවසීය.
මූල්‍ය ගැටලුව සහ මහපොළ දීමනාව වැඩි කිරීම
2005 සිට 2015 දක්වා කාලයේ ස්ලිට් ආයතනයේ රඳවාගත් ලාභය රුපියල් මිලියන 1,068ක් වුවත්, පවරා දීමේදී මහපොළට ලබා දී ඇත්තේ රුපියල් මිලියන 408ක් පමණක් බව පෙන්වා දුන් ඇමැතිවරයා, උසස් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් ඇති අරමුදලේ මුදල් අවභාවිත කිරීම බරපතළ වරදක් බව පෙන්වා දුන්නේය.
එමෙන්ම ආණ්ඩුව බලයට පත්වන විට එක් සිසුවකුට රුපියල් 5,000ක් ලෙස ලබා දුන් මහපොළ ශිෂ්‍යාධාරය මේ වන විට සියයට සියයකින් ඉහළ නංවා රුපියල් 10,000ක් දක්වා වැඩි කර අඛණ්ඩව ලබා දීමට කටයුතු කර ඇති බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.






