පාර්ලිමේන්තුවේදී අද (13) පැවති අයවැය දෙවන වර කියවීමේ විවාදයේදී විපක්ෂය වෙනුවෙන් ආරම්භක කතාව සිදු කරනු ලැබුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසිනි. මෙවර අයවැය දුගී ජනතාව කොන් කරමින් ධනවතුන් වෙනුවෙන්ම ඉදිරිපත් කර ඇති එකක් බව එහිදී විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රතිචාරය

විවාදයේ ආරම්භක කතාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සිදු නොකර විපක්ෂ නායකවරයා විසින්ම සිදු කිරීම ගැන ආණ්ඩු පක්ෂය කනගාටුවට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක ප්‍රකාශ කර ඇත.

මේ පිළිබඳව අදහස් පළ කළ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කියා සිටියේ, පසුගිය කාලය පුරාම අයවැය විවාදයේ පළමු කතාව සිදු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා බවත්, මෙවරද ආණ්ඩුව එම කතාව බලාපොරොත්තුවෙන් සිටි බවත්ය.