කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පසු අස්වනු කළමණාකරන ආයතනය මගින් හඳුන්වා දුන් මෙම සෞඛ්යාරක්ෂිත පලතුරු ඉදවීමේ කුටීරය පසුගියදා අනුරාධපුර නගරයේදී විවෘත විය. විවෘත කිරීමේ අවස්ථාවට අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා සහභාගී වූ බව වාර්තා වේ.
වෙළඳුන්ට කූඩා බෙදාදීමක් සහ ඉදිරි වැඩසටහන්
ආහාර වල තත්ව පරීක්ෂාව, ගුනාත්මක ආහාර නිෂ්පාදනයට වැඩසටහන් පැවැත්වීම, ප්‍රමිති සහතික නිකුත් කිරීම සහ පර්යේෂණ සිදු කිරීම ජාතික පසු අස්වනු කළමනාකරන ආයතනයේ ප්‍රධාන කාර්යයන් ලෙස දැක්වේ. ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරමින් මෙවැනි සෞඛ්යාරක්ෂිත ක්‍රම දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට එම ආයතනය කටයුතු කරමින් සිටියි.
මෙම විවෘත කිරීමේ අවස්ථාවේදීම ප්‍රදේශයේ පලතුරු වෙළද ව්‍යාපාරිකයන් වෙත ප්‍රවාහන කටයුතු සඳහා කූඩා බෙදාදීමක්ද සිදු කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසන්ත නවරත්න, සේන නානායක්කාර සහ පසු අස්වනු කළමනාකරන ආයතනයේ සභාපති මහාච්යාර්ය රෝහිත ප්‍රශාන්ත ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.






