ඇෆ්ගනිස්තානයේ ඊසානදිග කුනාර් පළාතේ පාසලක් ආසන්නයේ තිබූ නිවසක අද (28) දින බිහිසුණු පිපිරීමක් සිදුව තිබේ. මෙම අනතුර හේතුවෙන් පාසල් සිසුන් හත්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් 97 දෙනෙකු තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
පිපිරීමට හේතුව සහ සිදුවූ හානිය
පතල් කර්මාන්ත කටයුතු සඳහා එම නිවස තුළ ගබඩා කර තිබූ පුපුරණ ද්‍රව්‍ය මෙලෙස පිපිරී ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරයි.
මෙම ප්‍රබල පිපිරීම හේතුවෙන් ආසන්නයේ පිහිටි තවත් නිවාස කිහිපයකටම හානි සිදුව ඇති අතර, තුවාල ලැබූවන්ගෙන් වැඩි පිරිසක් ප්‍රතිකාර සඳහා නන්ගර්හාර් ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන් වේ.
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





