ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (24) වන විට නැවතත් පහළ වැටී ඇති බව විදෙස් තොරතුරු මඟින් අනාවරණය වේ.

මෙරට වේලාවෙන් අද (24) උදෑසන 6.45 වන විට නිකුත් කරන ලද නවතම දත්ත අනුව, පසුගිය අගෝස්තු 27 න් පසු WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 80.43ක් ලෙස සටහන්ව ඇත.

Brent සහ Murban මිල ගණන්වල වෙනස

වාර්තා වන ආකාරයට බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 89.61කින් පහළ ගොස් ඇති බව දැක්වේ.

එමෙන්ම Murban වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 89.29ක් දක්වා අඩු වී ඇති අතර, එය සියයට 1.04ක මිල පහත වැටීමක් ලෙස සටහන් වේ.