ඇමෙරිකානු කොංග්‍රසයේ බහුතරය ජනාධිපති ට්‍රම්ප්ගෙන් ගිලිහී යාමත්, ඉරානය සහ ඇමෙරිකාව අතර යුද්ධය නිමාවනු ඇතැයි මතුව ඇති බලාපොරොත්තුත් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වේගයෙන් අඩුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
මිල මිනුම් දණ්ඩ වන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් 95 සීමාව පසුකරමින් පහළ ගොස් ඇති අතර, ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ තෙල් බැරලයක මිල ද ඇමෙරිකන් ඩොලර් 89 සීමාව ඉක්මවා පහත වැටී ඇති බව සඳහන් වේ.
ට්‍රම්ප්ගේ බලය අඩුවීම සහ ඉරාන අර්බුදය
කොංග්‍රසයේ බලය රිපබ්ලිකන් පක්ෂයට අහිමි වී විපක්ෂ ඩිමොක්රටික්වරුන්ට බහුතරය ලැබීම හේතුවෙන් ට්‍රම්ප්ට සිය අභිමතය පරිදි තීන්දු තීරණ ගැනීමට මෙන්ම නව අණපනත් සම්මත කර ගැනීමට බාධා මතුව තිබේ.
මැතිවරණයට ප්‍රථමයෙන් ට්‍රම්ප් අනතුරු අඟවා තිබුණේ තම පාර්ශ්වය ජයගතහොත් ඉරානයට පහර දී සුන්නද්ධූලි කරන බවයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ද ඉරානය විනාශ කිරීමට ට්‍රම්ප්ට සහාය පළකරන බව පවසා තිබුණි. කෙසේ වෙතත් පසුගිය ඔක්තෝබර් 27 වැනිදා පැවති ඊශ්‍රායල මැතිවරණයෙන් නෙදන්යාහුගේ සන්ධානයට ද රජයක් පිහිටුවීමට අවශ්‍ය බහුතරය හිමිව නැත.






