ජනාධිපති අරමුදල මගින් විශ්ව විද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කන්නාඩි බෙදා දීමේ වැඩසටහන යටතේ රුහුණු විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් වෙත කන්නාඩි බෙදා දීම අද සිදුකෙරෙනු ලැබුවා

මේ අවස්ථාව සඳහා රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජේෂ්ඨ මහාචාර්ය වරයා ගුත්තිල ජයසිංහ, ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ, අරමුදලේ සාමාජික මහාචාර්ය ජීපීආර් ජයකොඩි, සහ මේ සඳහා අරමුදල් සපයනු ලබන විශ් පවුන්ඩේෂන් ආයතනයේ සභාපති මිහිර වික්‍රම වික්‍රමාරච්චි ඇතුළු පිරිසක් එක්ව සිටියා.

අද දින රුහුණු විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් 458 දෙනෙකු වෙත මේ වැඩසටහන මගින් කන්නාඩි බෙදා දීම සිදුකළා.