ශ්‍රී ලංකාවට මගී ඩ්‍රෝන තාක්ෂණය ගෙන ඒමේ පෙර සූදානමක් විදියට මේ දිනවල විශේෂ පියාසර පරීක්ෂාවන් ආරම්භ කර තිබේ. කොළඹ වරාය නගර පරිශ්‍රයේදී මෙම පියාසර පරීක්ෂාවන් සිදු කෙරෙන ආකාරය දැකගත හැකි බව සඳහන් වේ.
මගීන් දෙදෙනකුට යන්න පුළුවන් පළමු යානය ලංකාවට
මෙම නියමු ව්‍යාපෘතිය යටතේ මගීන් දෙදෙනකුට ගමන් පහසුකම් සලසන ප්‍රථම ගුවන් යානය මේ වන විටත් මෙරටට රැගෙන විත් අවසන්ය. මගී ප්‍රවාහනයට අමතරව සංචාරක ව්‍යාපාරය මෙන්ම භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහාත් මෙම තාක්ෂණය යොදාගැනීම ගැන සොයා බලමින් පවතී.
ඊළඟට කුමක්ද?
ලබන 11 වනදා කොළඹ දී මෙහි නිල ප්‍රදර්ශන වැඩසටහන පැවැත්වීමට නියමිතව තිබේ.
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





