මත්ද්‍රව්‍ය ජාවාරමට හෝ ඒවා පාවිච්චි කිරීමට හවුල් වන කිසිම නිලධාරියෙකු පොලිස් සේවයේ තබා ගැනීමට කටයුතු නොකරන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
එවැනි අයථා ක්‍රියාවල නිරත වන කිසිදු නිලධාරියෙකු කිසිම අයුරකින් ආරක්ෂා කිරීමට පියවර නොගන්නා බවද පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
මහජන විශ්වාසය සහ උත්සවය
සමහර නිලධාරීන් අතින් සිදුවන නොයෙකුත් අකටයුතුකම්, නොසැලකිලිමත්කම් මෙන්ම රාජකාරි පැහැර හැරීම් හේතුවෙන් පොලිසිය කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය විටින් විට බිඳවැටෙන බවද ඔහු පෙන්වා දුන්නේය.
පොලිස්පතිවරයා මේ බව සඳහන් කර සිටියේ මහියංගනය පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි.
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





