ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නමැත්තා සම්බන්ධයෙන් අභියාචනාධිකරණය අද (05) විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. ඔහුට නිවසින් ආහාර ලබා ගැනීමටත්, නීතිඥවරු හමුවීමට දැනට වඩා ප්‍රවේශයක් ලබාදීමටත් තිබෙන හැකියාව පිළිබඳව සොයා බලා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මෙහිදී නීතිපතිවරයාට උපදෙස් ලැබී ඇත.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී දුන් නියෝගය

ශිරාන් බාසික් රඳවාගෙන සිටීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකරනු ලැබූ බව සඳහන් වේ.

සැකකාර ශිරාන් බාසික් මේ වනවිට පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් රඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කරමින් සිටින බවද වාර්තා වේ.