2026 බස්නාහිර පළාත් පාසල් කණ්ඩායම් චෙස් තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට කොළඹ රාජකීය විදුහලේ ක්‍රීඩකයන් සමත් වී ඇති බව වාර්තා වේ.

මෙම තරගාවලිය ඔක්තෝබර් 31 සහ නොවැම්බර් 01 යන දිනවල කොට්ටාව ධර්මපාල විදුහල් පරිශ්‍රයේදී සාර්ථකව පවත්වා තිබේ.

සියලු කාණ්ඩවල පෙරමුණ රාජකීය විදුහලට

තරගාවලියේදී වයස අවුරුදු 10, 16 සහ 20 යන සියලුම වයස් කාණ්ඩවල ශූරතා සියල්ලම දිනාගැනීමට කොළඹ රාජකීය විදුහලට හැකිවීම විශේෂත්වයකි.

බස්නාහිර පළාත නියෝජනය කරමින් පාසල් රැසක දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ඊට සහභාගී වී ඇති අතර, පැවති දැඩි තරගකාරීත්වය මැද සිය දක්ෂතා දක්වමින් රාජකීයයන් මෙම ජයග්‍රහණය අත්කරගෙන ඇත.