ඩෙංගු මර්දන වැඩපිළිවෙළ වඩාත් විධිමත්ව සහ ඉක්මනින් කරගෙන යාමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවරක් ගෙන තිබේ. ඒ අනුව විශේෂ 'ඩෙංගු මදුරු මර්දන මෙහෙයුම් කාර්යාලයක්' අලුතින්ම ස්ථාපිත කර ඇති බව වාර්තා වේ.
මෙම කාර්යාලය පිහිටුවා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර අංශය කේන්ද්‍රස්ථානය කරගනිමිනි.
විශේෂ ඩෙංගු මර්දන සතිය
පවතින කාලගුණික වෙනස්කම් හේතුවෙන් මදුරුවන් බෝවීම ඉහළ යාම සහ රෝගීන් වාර්තාවීම සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර ඇත.
මෙම මර්දන සතිය නොවැම්බර් 09 වනදා සිට නොවැම්බර් 14 වනදා දක්වා ක්‍රියාත්මක වන අතර, ඩෙංගු අවදානම සහිත දිස්ත්‍රික්ක 13ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 74ක් ආවරණය වන පරිදි සිදුකෙරෙන සියලු මෙහෙයුම් කටයුතු මෙහෙයවන්නේ මෙම නව මෙහෙයුම් කාර්යාලය හරහාය.






