කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර කළමනාකරණ උසස් ඩිප්ලෝමා 2022/2023 පාඨමාලාවට අදාළ ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා විනාශ නොකර තබාගන්නා ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි එම පාඨමාලාව හැදෑරූ සිසුවකු නුගේගොඩ දිසා විනිසුරුවරයාගෙන් ඉල්ලා ඇත.
විභාග අක්රමිකතාවයන් හේතුවෙන් සිය කාලය, ශ්‍රමය සහ මුදල් නිරපරාදේ නාස්ති වූ බව පවසමින් සනත් කුමාර අතුකෝරල නැමැති සිසුවා විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා නඩු පවරා තිබේ. නඩුව කැඳවූ අවස්ථාවේදී ඔහුගේ නීතිඥ දනෝෂා පෙරේරා මහත්මිය මෙම ඉල්ලීම ඉදිරිපත් කළාය.
නඩුව පවරා ඇති පිරිස සහ චෝදනාව
මෙම නඩුව ගොනු කර ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ කථිකාචාර්යවරුන් වන ඩී.සී.එල්. දියගුආරච්චි, ඩබ්ලිව්.පී. ප්‍රේමරත්න, අංශ ප්‍රධානී සෂිකා අබේධීර මනෝරත්න, පීඨාධිපති එච්.එම්. නිහාල් හෙන්නායක, විභාග අංශයේ අතිරේක ලේඛකාධිකාරී වජිරා හපූහින්න ජයරත්න, හිටපු උපකුලපති එච්.ඩී. කරුණාරත්න, උපකුලපති ඉන්දික මහේෂ් කරුණාතිලක යන නිලධාරීන්ට මෙන්ම නීතිපතිවරයාට එරෙහිවය.
පාඨමාලාවේ පළමු තෙස්තමේන්තුවේදී කිසිදු ගැටලුවක් නොවූ බවත්, දෙවැනි තෙස්තමේන්තුවේදී 508 විෂය වන 'කුඩා ව්‍යාපාර සඳහා මෙහෙයුම් කළමනාකරණය' සහ 510 විෂය වන 'ව්‍යාපාර උපායමාර්ග හා තිරසාරභාවය' යන විෂයන්වලදී තමන්ට විශාල අසාධාරණයක් සිදුවූ බවත් සිසුවා සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේ.






