බුද්ධ වර්ෂ 2570 ක් වන 2027 වර්ෂය සඳහා වන සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර මාලාව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මඟින් ප්‍රකාශයට පත් කර ඇත. මෙම නැකත් වේලාවන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් සිංහල අලුත් අවුරුදු ජාතික නැකත් කමිටුව සකස් කර තිබේ.
නව සඳ බැලීම අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අප්‍රේල් මස 09 වන සිකුරාදා ද, අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 07 වන සිකුරාදා දින ද සිදු කිරීමට නියමිතය. පරණ අවුරුද්ද සඳහා ස්නානය අප්‍රේල් මස 12 වන සඳුදා දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා සිදු කළ යුතු බව සඳහන් වේ.
අවුරුදු උදාව, පුණ්‍ය කාලය සහ ආහාර පිසීම
අලුත් අවුරුද්ද අප්‍රේල් මස 14 වන බදාදා අපරභාග 03.29 ට උදාවන අතර, පුණ්‍ය කාලය එදින පූර්වභාග 9.05 සිට අපරභාග 9.53 දක්වා ක්‍රියාත්මක වේ. අප්‍රේල් 14 වනදා පූර්වභාග 9.05 ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු බව දැක්වේ.
ආහාර පිසීමේ නැකත අප්‍රේල් මස 14 වන බදාදා අපරභාග 6.18 ට යෙදී ඇති අතර, කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවා මුං මිශ්‍ර කිරිබතක් හා කැවිලි පිළියෙල කළ යුතුය. වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය එදිනම අපරභාග 8.18 ට කොළ පැහැයෙන් සැරසී උතුරු දිශාව බලා ඉටු කළ යුතු වේ.
හිසතෙල් ගෑම, රැකියා සහ පැළ සිටුවීම
හිසතෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් මස 17 වන සෙනසුරාදා පූර්වභාග 07.04 ට නිල් පැහැති වස්ත්‍රයෙන් සැරසී, උතුරු දිශාව බලා හිසට නුගපත් ද පයට කරඳපත් ද තබා නුගපත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා සිදු කිරීමට නියමිතය.
රැකිරක්ෂා සඳහා පිටත්ව යෑම අප්‍රේල් මස 21 වන බදාදා පූර්වභාග 6.15 ට කොල පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී මුංඇට මිශ්‍ර කිරිබතක් අනුභව කර දකුණු දිශාව බලා සිදු කළ යුතුය. පැළ සිටුවීමේ නැකත අප්‍රේල් මස 22 වන බ්‍රහස්පතින්දා පූර්වභාග 11.38 ට කහ හෝ රන්වන් පැහැති වස්ත්‍රයෙන් සැරසී උතුරු දිශාව බලා සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.






