2024/2025 ආදායම් බදු වාර්තා භාරදීමේ අවසන් දිනය නොවැම්බර් 30 වැනිදාට යෙදී තිබේ. මේ අතරතුර ඊට පෙර දින දෙකේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල සියල්ල විවෘත කර තබන බවට සමාජ මාධ්‍ය හරහා පණිවිඩයක් හුවමාරු වෙමින් පවතී. කෙසේ වෙතත් එම නිවේදනය සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
ජනතාව නොමඟ යැවීමේ උත්සාහයක්
නොවැම්බර් 28 සහ නොවැම්බර් 29 යන දෙදින තුළ ප්‍රාදේශීය කාර්යාල විවෘතව තැබෙන බවට පළවූ නිවේදනය සත්‍ය තොරතුරක් නොවන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. බදු වාර්තා භාරදීමේ අවසන් දිනය නොවැම්බර් 30 බැවින්, ජනතාව නොමඟ යැවීමේ චේතනාවෙන් කිසියම් පාර්ශ්වයක් මෙවැනි අසත්‍ය ප්‍රචාරයක් සිදුකර ඇති බවට සැක පල වේ.
මේ නිසා මෙවැනි ව්‍යාජ පුවත්වලට නොරැවටී නිල වශයෙන් නිකුත් කරන තොරතුරු පමණක් විශ්වාස කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.






