ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර තිබෙන දිගුකාලීන හිතවත්කම හා සමීප සහයෝගීතාව තවත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් දෙරටේ විදේශ අමාත්‍යවරුන් එකට මුණගැසී තිබේ.

මෙම විශේෂ හමුව පැවැත්වුණේ ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතා සංගමයේ හෙවත් IORA හි 25 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට සමගාමීව බව වාර්තා වේ.

සාකච්ඡා වූ කරුණු ගැන විජිත හේරත්ගෙන් සටහනක්

එහිදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ මාලදිවයින් විදේශ අමාත්‍ය ඉරුතිෂාම් ආදම් (Iruthisham Adam) මහත්මිය අතර සුහද සාකච්ඡාවක් සිදුව ඇත.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමටත්, වැදගත් ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව ඉදිරියට ගෙන යාමටත් දෙපාර්ශ්වයේම කැපවීම යළි තහවුරු වූ බව විදේශ අමාත්‍යවරයා සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.