ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ජනතාවට අවශ්‍ය PIN සහ TIN ලබාගැනීමේ පහසුව සලසමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සියලුම ප්‍රාදේශීය කාර්යාල හෙට (28) සහ අනිද්දා (29) යන දිනවල විවෘතව තබන බව වාර්තා වේ.

අවසන් දිනය නොවැම්බර් 30

2025/2026 තක්සේරු වර්ෂය වෙනුවෙන් වන ආදායම් බදු වාර්තා නොවැම්බර් 30 වැනිදාට කලින් භාරදිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කලින්ම නිවේදනය කර තිබුණි.

නියමිත කාලය තුළ මෙම වාර්තා භාරදීම මඟින් අවසන් මොහොතේ සිදුවිය හැකි කරදර සහ අපහසුතා මඟහරවා ගත හැකි බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මෙම බදු වාර්තා මාර්ගගත ක්‍රමය ඔස්සේද ඉදිරිපත් කළ හැකි බව සඳහන් වේ.

වැඩිදුර විස්තර දැනගන්නේ මෙහෙමයි

මේ පිළිබඳව වැඩිදුර තොරතුරක් හෝ පැහැදිලි කරගැනීමක් අවශ්‍ය නම් 1944 ක්ෂණික ඇමතුම් අංකය අමතා හෝ www.ird.gov.lk යන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අවශ්‍ය තොරතුරු දැනගත හැකිය.