රත්නපුර – හිදැල්ලන ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් අද (27) දහවල් බරපතළ රිය අනතුරක් සිදුව තිබෙනවා. මෙම සිදුවීමෙන් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

පස්දෙනෙකුගේ තත්ත්වය බරපතළයි

තුවාල ලැබූ පිරිස අතරින් පස්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලීසිය සඳහන් කළා.

රත්නපුර දෙස සිට කුරුවිට දෙසට ධාවනය වූ ටිපර් රථයකුත්, අවිස්සාවේල්ලේ සිට රත්නපුර බලා ගමන් ගත් පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයකුත් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.