තීරණාත්මක ඩිජිටල් පද්ධති භාවිත කරන තෝරාගත් රාජ්‍ය ආයතන 12ක් ජාතික සයිබර් ආරක්ෂණ පද්ධතියට ඇතුළත් කළ බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරත්න මහතා සඳහන් කළේය.
ආයතන 37ක් සම්බන්ධ කිරීමේ ඉලක්කයක්
ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත රාජ්‍ය ආයතන 37ක් සම්බන්ධ කිරීම සඳහා ක්‍රියාත්මක වන පුළුල් වැඩපිළිවෙළේ එක් පියවරක් ලෙස මෙය සිදු කර තිබේ.
මෙම ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ කටයුතු පවත්වාගෙන යනු ලබන්නේ පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





