දිට්වා ව්‍යසනය නිසා පීඩාවට පත්ව ඇස් කණ්ණාඩි අවශ්‍යතාවයෙන් පසුවන පාසල් දරුවන්ට පිහිටක් වෙමින් ජනාධිපති අරමුදල හරහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩපිළිවෙළක් නොවැම්බර් 28 සහ 29 දිනවලදී ක්‍රියාත්මක කෙරෙන බව වාර්තා වේ.
මෙම වැඩසටහන යටතේ මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුන ආවරණය වන පරිදි පාසල් 135ක ඉගෙනුම ලබන සිසුන් 1,193 දෙනෙකු වෙත ඇස් කණ්ණාඩි පිරිනැමීමට කටයුතු සූදානම් කර ඇත.
බෙදාදීම සිදුවන ස්ථාන
නොවැම්බර් 28 වැනිදා මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර, තෙල්දෙණිය, වත්තේගම සහ කටුගස්තොට අධ්‍යාපන කලාපවල දරුවන් සඳහා වත්තේගම සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේදී ද, ගම්පොළ සහ දෙනුවර කලාපවල දරුවන්ට ජිනරාජ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේදී ද ඇස් කණ්ණාඩි ප්රදානය කෙරේ.
එදිනම මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, නාඋල, ගලේවෙල සහ මාතලේ කලාපවල සිසුන්ට මාතලේ විජය ජාතික පාසලේදී ඇස් කණ්ණාඩි බෙදාදීමට නියමිතයි.
නොවැම්බර් 29 වනදා නුවරඑළිය, වලපනේ සහ හඟුරන්කෙත කලාපවල සිසුන්ට නුවරඑළිය සිනෙසිටා ශාලාවේදීත්, හැටන් අධ්‍යාපන කලාපයේ දරුවන්ට හැටන් හයිලන්ඩ්ස් විදුහලේදීත් මේවා ලබාදීමට කටයුතු යොදා තිබේ.
අනුග්‍රාහක සහය
ජනාධිපතිවරයාගේ මගපෙන්වීම යටතේ හඳුන්වා දුන් මෙම නව වැඩසටහනෙන් අවශ්‍යතා සහිත සියලු පාසල්, විශ්වවිද්‍යාල සහ කාර්මික විද්‍යාල සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ප්රදානය කෙරෙන අතර, එක්සත් රාජධානියේ Stroud Rotary Club සහ Wish පදනම මේ සඳහා අනුග්‍රාහකත්වය දක්වයි.






