කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම ප්‍රතික්ෂේප කිරීමට විරෝධය පාමින් අඛණ්ඩව අරගල කිරීමට විපක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.
මෙම යෝජනාව විවාදයට නොගැනීම හරහා මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවී ඇති බව පවසමින් දිගින් දිගටම වරප්‍රසාද ප්‍රශ්න මතු කිරීමට විපක්ෂ මන්ත්‍රීවරුන් සූදානම් වන බව සමගි ජන බලවේගය සඳහන් කරයි.
වරප්‍රසාද ප්‍රශ්න ගැන තීරණය අද
විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් තිදෙනෙකු මේ වන විටත් මෙම සිද්ධිය ගැන වරප්‍රසාද ප්‍රශ්න ඉදිරිපත් කර ඇත.
මෙම වරප්‍රසාද ප්‍රශ්න සාකච්ඡාවට ගන්නේද නැද්ද යන්න පිළිබඳව නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා අද (05) ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතව තිබේ. මේ අතර, එම වරප්‍රසාද ප්‍රශ්න භාර නොගතහොත් ඒ සම්බන්ධයෙන්ද දිගටම හඬ නඟන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මන්ත්‍රී ගයාන්ත කරුණාතිලක මහතා පැවසීය.
යෝජනාව සංශෝධනය නොකරන බවට විපක්ෂය කියයි
විපක්ෂය භාරදුන් මෙම විශ්වාසභංග යෝජනාවේ අධිකරණ කටයුතුවලට බාධා වන කරුණු ඇතුළත් බව පවසමින් ආණ්ඩු පක්ෂය එය විවාදයට ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණි. එමෙන්ම එය සංශෝධනය කර නැවත භාරදෙන ලෙසද ආණ්ඩු පක්ෂය ඉල්ලා ඇත.
කෙසේ වෙතත්, අධිකරණ ක්‍රියාවලියට බාධාවන කිසිදු කරුණක් එහි අඩංගු නොවන නිසා එම යෝජනාව කිසිසේත් වෙනස් නොකරන බව විපක්ෂය තරයේ ප්‍රකාශ කර සිටියි.
ඊළඟට කුමක්ද?
එම වරප්‍රසාද ප්‍රශ්න සාකච්ඡාවට ගන්නවාද නැද්ද යන්න සම්බන්ධයෙන් නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා අද (05) ප්‍රකාශයක් කිරීමට නියමිතය.





