ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත් ( Protection of the State Terrorism ) කෙටුම්පත වහා ඉල්ලා අස්කර ගන්නා ලෙස රජයට බල කරමින් කටුනායක නිදහස් වෙළෙඳ කළාප සේවකයන් සහ වෘත්තීය සමිති එක්ව ඇවරියවත්ත නගරයේදී විරෝධතාවක් පවත්වා තිබේ.

නව පනතට එල්ල වන චෝදනා

රජය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන බව පවසමින් මෙම නව පනත ගෙන ඒමට සූදානම් වන බව විරෝධතාකරුවෝ පවසති.

ආරක්ෂක ලේකම්වරයාට පැවරෙන බලතල, අධිකරණයේ අවසරයකින් තොරව අත් අඩංගුවට ගැනීම මෙන්ම විවිධ සංවිධාන තහනම් කිරීමට හැකි වන වගන්ති මෙම පනත තුළ අන්තර්ගතව ඇති බවට ඔවුහු චෝදනා කරති.

රැකියා අවදානම ගැන අනතුරු ඇඟවීමක්

2027 වසරේදී G.S.P.+ සහනය අවසන් වීමට නියමිත බවත්, එම සහනය අහිමි වුවහොත් ඇගලුම් ක්ෂේත්‍රයේ රැකියා 74,000 ක් අවදානමට ලක් වන බවත් විරෝධතාකරුවෝ වැඩිදුරටත් පෙන්වා දී තිබේ.