ලංකාවේ ක්‍රියාත්මක වන මෑන් පවර් සේවක ක්‍රමය නැති කර දැමීම වෙනුවෙන් වත්මන් රජය මේ වනවිට අලුත් නීති සකස් කරමින් සිටින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.
කොළඹදී අද (07) පැවති වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
අතරමැදියන්ට මුදල් ගෙවීමට විරෝධය
සෘජුවම රැකියාවක නිරත වෙමින් තමන්ගේ ශ්‍රමය ලබාදෙන සේවකයා වෙනුවෙන් අතරමැදියෙකුට මුදල් ගෙවීමේ ක්‍රමවේදය රජය කිසිසේත් පිළිනොගන්නා බව ඔහු එහිදී අවධාරණය කළේය.
එමෙන්ම මෑන් පවර් සේවකයන්ගේ රැකියා ස්ථිර කර දීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීම වෙනුවෙන් දිගු කලක් තිස්සේ කරගෙන ආ සටන ඉදිරියටත් වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.






