කථානායකවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් මන්ත්‍රීවරුන්ගේ අයිතිය අහිමි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර තිබේ. මේ හේතුවෙන් ඒ පිළිබඳව ජිනීවා මානව හිමිකම් කොමිසම මෙන්ම ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගම් වෙතද පැමිණිලි කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කරයි. ඊට අවශ්‍ය කරන කටයුතු මේ දිනවල සූදානම් කරමින් පවතින බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
විවාදය දින නියමයක් නැතිව කල් යයි
අදාළ විශ්වාසභංග යෝජනාව තුළ නඩු කටයුතුවලට බලපාන කරුණු කිහිපයක් තිබෙන බව පවසමින් ආණ්ඩුව එම විවාදය පැවැත්වීම ප්‍රතික්ෂේප කර තිබිණි. එහෙත් එවැනි කිසිදු කරුණක් යෝජනාව තුළ අඩංගු නොවන බව විපක්ෂය අවධාරණය කරයි.
මේ හේතුව මත යෝජනාව කිසිසේත්ම සංශෝධනය කර නැවත භාරදීමට බලාපොරොත්තු නොවන බව විපක්ෂයේ මන්ත්‍රීවරු පෙන්වා දෙති. මෙම තත්ත්වය හමුවේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම මේ වන විට දින නියමයක් නොමැතිව කල් ගොස් ඇති බව වාර්තා වේ.






