නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සම්බන්ධයෙන් ජාතික එකමුතු ගුරු සංගමය ඊයේ පැවති මාධ්‍ය හමුවකදී විශේෂ කරුණු රැසක් අනාවරණය කළේය. ඔහු කිසිදු විශ්වවිද්‍යාලයකින්, විද්‍යා පීඨයකින් හෝ ගුරු විද්‍යාලයකින් විධිමත් අධ්‍යාපනයක් ලබා නොමැති අයෙකු බව එම සංගමය එහිදී පෙන්වා දුන්නේය.
පත්කිරීම සහ වෘත්තීය සමිති ක්‍රියාකාරකම්
රනිල් වික්‍රමසිංහ විසින් ඉංග්‍රීසි ගුරු හිඟයට විසඳුමක් වශයෙන් මහින්ද ජයසිංහව අභ්‍යාසලාභී ගුරුවරයෙකු ලෙස පත්කළ බව සංගමය පවසයි.
එලෙස කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ දුෂ්කර පාසලකට පත්වීම් ලැබූ ඔහු, පසුව වෘත්තීය සමිතියක් පිහිටුවා ගත් බව සඳහන් වේ. ආණ්ඩු බලය ලැබෙන තෙක් අධ්‍යාපනයට 6%ක් දෙන බව පවසමින් විරෝධතා පවත්වා සමස්ත ගුරු පරපුරම මුළා කළ බවට සංගමය චෝදනා කරයි.
ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි සහිත සමස්ත ගුරු පරපුරම අවසානයේ මහින්ද ජයසිංහලාට රැවටුණු බවද එම සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.






