ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව ඇප පිට නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෑතකදී තීරණය කර තිබුණි. එහෙත් එම නියෝගය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කොළඹ මහාධිකරණය පියවර ගෙන ඇත.
අල්ලස් කොමිසමේ ප්රතිශෝධන පෙත්සම
නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණය නීතියට පටහැණි එකක් බව අල්ලස් කොමිසම පෙන්වා දී තිබේ. එම තීන්දුව ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලමින් කොමිසම කොළඹ මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ බව වාර්තා වේ.
අල්ලස් කොමිසම සිදුකළ මෙම ඉල්ලීම සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ මහතා විසින් අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබීය.






