අභ්‍යන්තර අර්බුදයකට මුහුණ දී සිටින පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විටත් මැතිවරණ කොමිෂන් සභාව විසින් හඳුනාගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව, එම පක්ෂය විධිමත් ලෙස පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකි බව අභ්‍යන්තර පාර්ශ්ව වෙත කොමිසම දැනුම් දී ඇත.
පක්ෂ නියෝජිතයන් කොමිසම හමුවට
පවතින අර්බුදය ගැන කරුණු විමසීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් 6 වැනිදා පක්ෂයේ විවිධ පාර්ශ්වයන් තමන් හමුවට කැඳවනු ලැබීය. එම සාකච්ඡාව සඳහා දයාසිරි ජයසේකර, නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන නියෝජිතයෝ එක්ව සිටියහ.
එහිදී කොමිසම උපදෙස් දී ඇත්තේ ලියාපදිංචි දේශපාලන පක්ෂයක් ලෙස නැවත පිළිගැනීම ලබාගැනීමට අවශ්‍ය නිර්ණායක සපුරා නව අයදුම්පතක් ඉදිරිපත් කරන ලෙසයි. එමෙන්ම අදාළ නිර්ණායකයන්ට අනුකූලව විධිමත් පක්ෂ නිලවරණයක් පැවැත්වීම ද ඊට ඇතුළත් විය යුතු බව කොමිසම පෙන්වා දී තිබේ.
මැතිවරණ නාමයෝජනාවලට වන බලපෑම
මෙවැනි අභ්‍යන්තර අර්බුද පවතින පක්ෂයකට ඉදිරි මැතිවරණයකට නාමයෝජනා බාරදීමේ හැකියාවක් නොමැති බව සඳහන් වේ. යම් හෙයකින් නාමයෝජනා දීමට බලාපොරොත්තු වන්නේ නම්, ඊට පෙර කොමිසම හමුවේ පෙනී සිට අර්බුදය නිරාකරණය කරගැනීමේ එකඟතාවකට පැමිණීම අනිවාර්ය කර ඇත.
අභ්‍යන්තර ගැටුම විසඳා ගැනීමට නොහැකි වුවහොත් නාමයෝජනා භාරදීමේ අවස්ථාව අහිමි වී යා හැකි බව කොමිසම සඳහන් කරයි. ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් ද මෙම පියවරම අනුගමනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව තහවුරු කර තිබේ.






