උපයන විට බදු ගෙවීමේ සීමාව (PAYE Tax) ලබන අයවැයෙන් තවත් ඉහළ දැමීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. මීට පෙර එම බදු සීමාව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ එකහමාර දක්වා ඉහළ දැමූ බවද හෙතෙම පෙන්වා දුන්නේය.
කොළඹ මාලිගාවත්තේ පැවති ජාතික වෘත්තීය සමිති සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කර තිබේ.
සියලු අංශ ආරක්ෂා කිරීමේ වගකීම
මෙවර අයවැයේදී එම සීමාවන් තවත් යම් ප්රමාණයකින් වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ හරහා උපයන විට බද්ද සම්බන්ධයෙන් යම් සහනයක් ලබාදිය හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
රාජ්ය, අර්ධ රාජ්ය, වැවිලි සහ පෞද්ගලික යන සියලු අංශ සුරැකීමේ වගකීම රජයට පවතින අතර එම වගකීම තමන් භාරගෙන සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
“ඒ හරහා උපයන විට බද්ද සම්බන්ධයෙන් යම් සහනයක් ලබාදීමට හැකියාව ලැබෙනවා. රාජ්ය, අර්ධ රාජ්ය, වැවිලි සහ පෞද්ගලික යන සියලු අංශ ආරක්ෂා කිරීමේ වගකීම අපේ ආණ්ඩුවට තිබෙනවා. අපි ඒ වගකීම භාරගෙන සිටිනවා”ජනාධිපති අනුර කුමාර දිසානායක






